Monday, November 10, 2014

.....නිවු ටෙක්නොලොජි වර්ශන් බුදු දහම ( නව පරම්පරාවේ ට්‍රෙන්ඩ් එක ).....


කවි කෑලි ලිය ලිය ඉන්නකොට නනත්තාර හොරෙක්ගෙ මොකද්දෝ තියෙන අතේ අමාරුවකට හරි හිතේ අමාරුවකට හරි අස් තියන් ඉන්න බැරි නිසා දැකපු  ඔලුවට ආපු දෙයක් කොටලා කියන්න හිතුනා. කොහේදෝ තිබ්බ ලෝකේ හදන්න ඉස්සල්ල මිනිහෙක් හදපන්. එතකොට මුළු ලෝකයක්ම ඉබේ හැදේවි කියල. සහතික ඇත්ත. ජනග්‍රහණය ගත්තොත් එක රටක විතරක් කෝටි ගණන් මිලියන ගණන් ඉන්න කොට එක මනුස්සයෙක් හදාගන්න බැරිනම් කොහොමද අප්පා මුළු ලෝකයක්ම හදන්නේ?


හරි හරි ඒ ලෝකෙමනේ? අපේ අසිරිමත්, ආශ්චර්යවත්, බ්ලා බ්ලා බ්ලා.... ලංකාව ගමුකො. වැඩිය ඕන නැ එකත් එහෙමනේ? මුලදීම බනින එක හරි නැ තමා, එත් මුන් කෑ ගහගෙන හු තියාගෙන ස්ටේජ් වලට නැගල රට හදන්නේ මුන් හැදිලද? කැ ගහන උන්ගේ ඇතුල් පැත්ත ගත්තොත් තනිකර කුණු වලින් පිරිච්ච වලක්. හරියට නිකන්  ඇදේ තියෙන්න කෝට්ටේ වගේ. පිටින් ගෙත්තම දාලා මල් වැල් දාල රේන්ද අල්ලලා තිබ්බට ඇතුලේ තියෙන්නේ තනිකර පුළුන් කෑලි වගේකුයි රෙදි කෑලි වගේකුයි විතරයි. ආතා කියන්න වගේ උඩින් ඔපේ යටින් හපේ. ලගදී දවසක නන්නතාරේ යද්දී දැක්ක දෙයක් ඇත කහනවට මේකේ කොටලා සර්ච් පාරක් දැම්ම. දෙයියෝ කොහෙද මම එතන වගේ මෙන්න යකෝ පොටෝ ඕන තරම් විස්තර එක්ක.

ලංකාවේ බුදු දහම ගැන උඩ දාගෙන කතාකරන මහත්තුරුන්ට කියන්න කැමති දැන් ලංකාවේ ගොඩක් ඉන්නේ සාදුවරු නෙවේ. සාදුවරු වගේ වෙස් වලාගත්ත චීවර දාරීන්, ගනින්නාන්සේලා. එක පන්සලකට එක කාර් එකක් ( අහ්.. සොරි වෙන්න ඕනේ ඒවා කාර් නෙවේ බෙන්ස්.. ) යන සන්කල්පෙට ඉතා ගරු කරන පියරු බබ්බු. සැන් පවුඩර් ගාගෙන බන කියන්න නෙවේ පාර්ලිමේන්තු යන උද්ගෝෂණ කරන චීවර දාරීන්.




පොටෝ එක දැක්කේ පන දාගෙන මේකට කොටද්දී. කවුරුත් පිළිගන්න කරුණ ලංකාවේ තියෙන්නේ පිරිසිදු ථෙරවාදී බුදු දහම. එහෙවු පින්වන්ත රටක පුණ්‍ය භූමියක ගරුකරන වදින පුදන බික්ෂුන් මෙතරම් පහත් තත්වයට පත්වීම උපහාස ලැබීම සිංහල බෞද්ද පුර වැසියෙක් හැටියට මගෙනම් ඇස් නිකන් කහනවා කහනවා වගේ.

ලංකාවේ නෙවේ පිට රටක උප්පත්තිය ලබල ලංකාව වෙනුවෙන් එස් මහින්ද හාමුදුරුවෝ කවි ලිවුවේ පෑන අතට ගත්තේ අපේ රටේ පිරිසිදු බුද්ද දර්මය තිබිල සාදුවරුන් ඒ ධර්මයේ පිහිටිය නිසා. මහින්ද හාමුදුරුවොත් සිංහලය වෙනුවෙන් සටන් කරා. බෞද්ද ආගම බෙර ගන්න කවි ලිවුව එත් කවදාවත් රජ කම  ඉල්ලුවද නැ, යාන වාහන් ඉල්ලුවද? ඉල්ලුවේ එකම දෙයයි නිදහස, බෞද්ද ආගමික චිර පැවැත්ම. එකයි මහින්ද හාමුදුරුවන්ට වාරියපොළ සුමංගල හාමුදුරුවන්ට තාමත් ගරු කරන්නේ.




හැබැයි නුතන චිවර ධාරින් ඉල්ලන්නේ බෞද්දකම මුවාවෙන් සැප සම්පත. තෘෂ්ණාව නැති කර ගන්න දායකයෝන්ට බණට කියල දෙන්න ඕන පන්සලේ ලොකු හාමුදුරුවෝ TV එකේ තෘෂ්ණාව පොදි බදිනවා. ඒක දැකපු බුද්දිමත් දායකයෝ අනේ අපේ හාමුදුරුවෝ කියල සතුටු වෙනවා.

" අපි නේ.. අපේ පන්සල,, අපේ හාමුදුරුවෝ.. ඉතින් ඔක්කොම අපේ.. කොච්චර සතුටුද? "

ලොකු හරක් තප්පුලද්දී අනේ මුකුත් නොදන්නා කිරි සප්පයෝ සාදු කියනවා.

" අම්මල තාත්තල හොද විතරයි කියන්නේ නරක කියනවද අපිට...? "

බුදු පියාණන් වහන්සේ දේශනාකරලා තියෙන්නේ

" හන්න්ද දානි භික්ඛවේ ආමන්තයාමි වෝ. වයදම්මා සංකාරා. අප්පමාදෙන සම්පාදේත "
" මහණෙනි සියලු දේ නැසෙන සුළුයි නොපමාව කුසල් දහමෙහි යෙදෙන්න " 

කියල. අන්තිම බුද්ද වචනයත් ඒක. එහෙවු පිරිසිදු දර්මයක් නොකිලිටි දර්මයක් පවතින රටක ඒ දර්මය කාබාසිනියා කරලා දාන්න එකතු වෙනවනම් ඒ වගේ ජාතිය ආගම පාවා දෙන මිනිස්සු කාපු බත්පතට ගරහනකොට කොහෙන් දිරවයිද කියල කාටද කියන්න පුළුවන්. බල තන්හාවට යටත් වෙලා මුලා වෙලා සල්ලි වැදගත් වෙලා ඉන්න චීවර දාරීන් නුතනයේ බුදු දහම ෆැන්ටසියකට ඇදගෙන යනවා.

ඒ අස්සෙන් ධාතු මතු උනා සෝවාන් තත්වයට පත් උන ය හම්බ උනා කිය කියා ප්‍රචාර. ඇත්තද බොරුද දන්නේ නැ. අපිට ඒ ගැන හරි නිගමනේකට එන්න බැ. මොකද? අපි සෝවාන් වෙලා හෝ ඒ වගේ තත්වෙකට පත්වෙලා නැ. බුදු පියාණන් වහන්සේ දර්මයේ දේශනා කරලා තියෙන්නේ තමන් ඒ වගේ තත්වෙකට විර්ය වඩමින් පත් වුනත් එක කැගහල නොකිවුවට ලග ඉන්න දායකයන් හට තේරෙනවා කියල.

සාදුවරු වනගත වෙලා බන භාවනා කරනකොට ආරණ්‍යවාසිව සිල් පින් කටයුතු යෙදෙනකොට සාදුවරු වගේ වෙස්ව්ලාගත්ත ගනින්නාන්සේලා බෙන්ස් එකේ ඇවිත් ATM මැෂින් එකට කාඩ් දාල අදිනවා. පාර්ලිමීන්තුවේ පක්ෂ හදාගෙන කෑ ගහනව, තමන් කරපු වැරදි පෙනෙද්දී අහිංසක මිනිස්සුන්ට රට කන්න එනවා කියල දොශාරෝපනය කරනවා.




මේකද මහත්තයෝ ආශ්චර්ය කියන්නේ? පාරවල්වල පිණ්ඩපාතයේ යන්න කැප උනාට පරුෂා වාචා භික්ෂුන්ට කැපද? පිසුනාවාචා කියන්නේ වෙන එකක්ද? ඔක්කොටම අනේ කාලේ වනේ වාසේ කියල නෙවේ ආස පිහිදාල ලංකාවේ බුද්ද දර්මයට වෙන විනාශය බලමු. බලල..... සැනසෙමු නැත්නම් වැනසෙමු... නැ මේක අපි අම්මගෙ කුසෙන් ඉපදිලා දෙතනෙන් කිර්රි බිල හැදුන වැඩුන රට. වෙන ඒවාට තියෙන මමත්වය කෝ රට කාබාසිනියා වෙද්දී. කෑ ගහප යකෝ අපේ අම්මව උදුරන් යද්දී කියල උබේ තාත්ත කොන්දක් දීල නැද්ද.. කට දීල නැද්ද. කි බෝඩ් වලින් රට හදන්න බැ මචන්. එත් ජාතියට ආදර්ශයක් පිපිදීමක් දෙන්න පුළුවන්. මහින්ද හාමුදුරුවෝ පෑන තමා තමන්ගේ අවිය කර ගත්තේ. ඒ අවියෙන් මුළු ජාතියක්ම පිපිදුනා.

දනයට බලයට කෑදර වෙන්නේ නැතුව තමන්ගේ දායකයන්ට නිසිමග පෙන්නන සාදු වරුන්ට පින් අයිති වෙන්න, ගනින්නාන්සේලාගේ නොව සාදුවරුන්ගේම සරණ යන්න මේ මිනිස් සමාජය යහමග යොමු කරොත් අවසාන වශයෙන් ලංකාව නමැති පින්කෙත දර්මය නමැති අස්වැන්නෙන් වපුරන්න හැකිවේවි.

4 comments:

  1. මේක නියම ලිපියක් ..හිතට වදින්නම ලියල තියනව .. මේ කිව්වා වගේ සම හරක් ට බුදුදහමත් ෆැන්ටසියකට ගෙන යන්නද දන්නෙ නෑ ඕනෑකම වෙලා තියෙන්නෙ.ආගමක් රැකීම ගිහි පැවදි හැමෝගෙම වගකීමක් ලිපියෙ මුලින්ම කිව්ව දේට මම එකඟයි අපිට එක පාර ලෝකයක් හදන්න බෑ එත් අපිට අපිව, අපේ වැරදි හදාගන්න පුළුවන්.....ස්වාමීන් වහන්සේලා ගැන අපිට තිබ්බෙ පැහැදීමක් ගෞරවයක් ඒත් අද ඒක නැතිවෙලා.උන්වහන්සේල ගිහි ප්‍රශ්න විසඳන්න කලින් ,රට හදන්න කලින් සංඝ ශාසනේ විනාශ වෙන්නෙ කොහොමද කියල මුලින්ම හොයල ඒ පිළිල ඉවත් කරන එක තමයි මුලින්ම කරන්න ඕන ශාසනේ පවිත්‍ර වෙන තරමට මිනිස්සුන්ටත් ආගමක් දහමක් ගැන විශ්වාසයක් ඇතිවේවි. නැත්නම් අන්තිමට ඉතිරිවෙන්නේ කලකිරීමක් ........

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ස්වාමීන්වහන්සේලා දැන් ඉන්නේ දායකයෝන්ට බන කියල දෙන්න නෙවේ ගොඩක් හාමුදුරුවරු බලයට කෑදරවෙලා :)

      Delete
  2. අදමයි අාවේ හොරෝ, කමෙන්ට් එකේ ලින්ක් එකෙන්.
    ඔය සේරටම මුල ඉගෙන ගන්නයි, පිනට කන්නයි, හම්බ කරන්නයි බලාගෙන මහණ වෙන එක. මොකද, බවුන් වඩලා කෙලෙස් දුරුකරගන්න මහණ වෙන්නෙ නෑ කවුරුවත් මේ කාලෙ.
    ලිපිය අගෙයි. ජය!

    ReplyDelete

මට බනින්න ඕනෙද? මගේ ගුණ කියන්න ඕනෙද? මාව වට්ටන්න ඕනෙද? මෙන්න නියම චාන්ස් එකක්. ගල් මුල් වගේම මල් වැල් ඕන දෙයක් බාර ගන්නවා. වචන දෙකක් කෙටුවත්. ඒ වචන දෙක මට ලොකු හයියක්...

සුබ :)