Monday, November 3, 2014

.....උරුමයක් උන කරුමය.....


තමන්ගේ ඇහේ තියන පොල් පරාලෙට වඩා අනුන්ගේ ඇස්වල තියන පොල්කෙන්ද පෙන්නන්න කට බලියාගෙන බලන් ඉන්න උසස් සමාජ කොට්ටාශයක් එක්ක කියන්න කැමතියි මෙහෙම පොස්ට් එකක් මගේ හිතේ තියෙන වදන් අතේ තියන ඇම්මට, අත තියන් ඉන්න බැරි කමට කොටන මම ඉතාමත් පිරිසිදු බුදු දහමට අනුකුල, චිවරදාරින්ගේ නෙවෙයි සාදුවරුන්ගේ සරණ යන, දහමේ පිහිට පතන සිංහල ජාතියේ ලංකීය පුරවැසියෙක්.

නමුත් මුස්ලිම්, දෙමල, ක්‍රිස්තියානි විතරක් නෙවේ බුදු දහම තුලද ඒ ඒ දර්මයන් අනුගමනය කරමින් එයට විරුද්දව මතවාද ගොඩ නගන්න ඒ තියන දර්මය කඩාකප්පල් කරන්න ඕන තරම් අන්තවාදීන් අප‍ නගරයේ ගමේ රටේ ලෝකේ හැම අස්සක් මුල්ලක් නෑරම මම මේ පොස්ට් එකට කොටන අවස්ථාවේ විතරක් නෙවේ හැම තප්පරෙකදිම කුමන්ත්‍රණ කරනවා. අපි ඇස් වහගෙන කට පියාගෙන ඉන්න හැම තප්පරයක්ම උන්ට වැදගත්.

එහෙවු තත්වයක් තියාගෙන සිංහල එවුනුත් දෙකට බෙදිලා පිල් ගැහිලා ඉන්නකොට අරූ කලුයි මු සුදුයි කියල කියද්දී අරූ බෙරව මූ ගොවිගම කියල මරාගනිද්දී, පැති බෙදිලා ඉන්නකොට ආගම් විනාස කරන්න ඉන්න අන්තවාදී කඩාකප්පල්කාරී තිරිසන් සත්තුන්ට ඌරන් කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් වගේ තියෙන හැම අවයවෙකින්ම හිනාවෙවී උන්ගේ වැඩේ හරි අපුරුවට කරගෙන යනවා.

මම මේ රටේ පිරිසිදු සිංහල පුරවැසියෙක් නිසාම කට කහනවට වගේ නිකන් ඉන්න බැරි මොකද්දෝ මෙවුව එහෙකට ඇස්. මහින්ද හිමියන්ගේ නිදහස් දැහැනේ තියෙන කවියක පොඩි කවි කැල්ලක් කියන්න හිතුන...


                                  කෙස් ගස පවා වෙනරටවල                        මිනිසුන්නේ
                                  උස් නිදහස පිණිස සටනට                       සැරසෙන්නේ
                                  හිස්මොල තියෙද්දිත් ඒ බව                    නොසිතන්නේ  
                                  තොපිලගේ ඇස් ගෙඩිවලට හෙන ගැහිලද සිහලුන්නේ?

දාර්ශනික සමාජේ KFC වල මැක්ඩොනල් වල තියෙන AC පුටුවල ඉදගෙන හලාල් කන ගමන් මුස්ලිම් ජාතියට පට්ට යන්න බනිනවා. උන්ව තමන්ගේ කටගැසමේ බයිට් එක අරගන්නවා. නිකමට බැලුවද තමන් මොනාද කරන්නේ? මේ ජාතියට රටට තමන්ගේ ආගමට මොකද්ද කරන්නේ? මොනවද කරේ කියල. එහෙම ඕනෙම නැ කියමු. අඩුගානේ අන්තිමට පන්සලට ගිහිල්ල පන්සලේ තියෙන බෝ මලුව අතුගාල මලක් පහනක් පුජා කරලා බුදුන් වැදපු දවසක් තියනවද කියල. හැබැයි මුස්ලිම් හරක් මරනවා එක පවු වැඩක් කියල KFC වලට ගිහින් මැක්ඩොනල් වලට ගිහින් AC පුටුවල ඉගෙන රස කර කර ඒ හරක් මස් කනවා. යකෝ අපේ රටේ සිංහල තිරිසන්නු හරක් මස් කන නිසා තමයි මුස්ලිම් මිනිස්සු හරක් මරන්නේ. කන්නේ නැත්නම් උන්නට කොහෙන්ද ලාබයක්? උන් මරනවා සිංහලය කනවා. අසරණ සතා තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙවනවා කෙලෙහිගුන නොදත් මනසින් උසස් කියන මිනිස්සුන්ගේ බයිට් එකට.

සිංහල මිනිහ පන්සලට යන්නේ තමන්ගේ ග්‍රහය නීච උනාම ( මම කියන්නේ හැම මනුස්සය ගැනම නෙවේ කියල කියන්න කැමති. බහුතර මිනිස් කොට්ටාසය යනු මුළු මිනිස් සමාජයම නෙවේ :) ) ඒ ත් එක මුස්ලිම් ආගම අදහන ලෝක සත්වයෝ සිකුරාදා 11.30 පස්සේ එක කඩයක් ඇරලා එක මුස්ලිම් ආයතනයක් ඇරලා ඒ නීතියට ගරු නොකර ඉන්නවද? මම දන්නා විදිහට නැ. කෙනෙක් කියන්න පුළුවන් ඒ මිනිස්සු පුදුම දුකක් විදින්නේ ආගමට බැදිලා යට වෙලා කියල. හරි ඒ ඒ මනුස්සය ඒ ඒ විදිහ. මම දකින්නේ ඒක ඒ මිනිස්සුන්ගේ තියන ආගම් ගරුත්වය. ඒ ආගම රැක ගන්න තියන කැපවීම, උනන්දුව, සිකුරාදා හවස ලක්ෂ ගණන් පාඩු උනත් ආගමට තියෙන ආදරය අතාරින්නෙ නැ. සිංහල මනුස්සයෙක්ට ඕක කිවුවොත් කියයි අනේ අපේ ඕටී ටික පාඩු වෙයි. අපි පාරට වැටෙයි. අන්න එතනයි සිංහල මනුස්සයට වැරදුනේ. මම දකින විදිහට. මුලින්ම තම ආගම පාවා දෙනවා. උන් ජිවිතේ විදිද්දී අපි ජිවිතේ විදවනවා.

නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක තමන්ට නිවාඩුවක් ලැබෙන සති අන්තේ හවස මිනිස්සු සාමාන්යෙන් කැමති නිදහස් වෙන්න. ඒ දවස්වලට සාමන්යෙන් බීච් එකට හරි ඒ වගේ සතුටක් නිදහසක් විදින්න පුළුවන් තැනකට යන්න කවුරුත් ආසයි. එත් අද වෙනකොට බැලුවහම ඒ වගේ තැන්වල ගොඩක් ඉන්නේ මුස්ලිම් මිනිස්සු. ඒ මුස්ලිම් ජනග්‍රහනේ වැඩි නිසා නෙවේ සිංහල මිනිස්සුන්ට OT ඕන වෙලා සල්ලි පිටිපස්සේ මිරිගුවට දුවන කාන්තාරේ සත්තු වගේ දුවන හින්ද? ඒ මිනිස්සු ජිවිතේ විදිද්දී සිංහල මනුස්සය විදවනවා. විදව විදව මැරෙනවා. මම කියන්නැ අනිවා එතනට යන්න ගිහින් සිංහල ජාතියේ පවර් පෙන්නන්න කියල. එහෙම අනිවා කරන්න ඕනෙත් නැ. එත් තමන්ගේ වාසියට ආගම පාවල දීල අනිත් මිනිස්සුන්ව ඉත්තෝ කර ගන්න එක නිවටයන්ගේ ලක්ෂණයක්.

අද පන්සල්වල ගත්තත් සාදුවරුන්ට වැඩියෙන් ඉන්නේ චීවරදාරීන්. මොන්ටෙරෝ පන්සලට තිබ්බේ නැත්නම් දානෙකට වඩින එක වහ කදුරු වගේ. ගාන්නේ සුදු හදුන් අංජන කුංකුම. පිරිසිදු තේරවාදී බුදු දහම කියන්නේ එකටද? බුදු දහම තියෙන්නේ මොන්ටෙරෝ වල කුංකුම වලද? මටනම් ප්‍රශ්නාර්ථයක්? බුදුන්ගේ කාලේ හාමුදුරුවරු තමන්ට කියල නිකාය හදාගෙන හිටියද? මම දකින විදිහට ඒක සංඝබේධය ඒ වට උල්පන්දම් දෙන සමාජේ  නිරි සත්තුත් කරන්නේ ආනන්තරිය පාප කර්ම. හලාල් වලට බැන බැන ආනන්තරියපාප කර්ම කරගන්නවා.

                                        බලවු පොළොන්නරු අනුරපුර                          පෙදෙස
                                        සිතවු පැරණි නිදහස එහි පෙර                                දවස
                                        නගවු තව තවත් තිරසාර තරුණ                           ගොස
                                        වරෙවු යමවු නැගිටිවු නොපියවූ                           දෙඇස

                                        උපන්නේත් මැරෙන්නෙත් තනියමයි                    ලොවේ
                                        එයින් පිටත්තර වෙන වෙදියකින්                          නොවේ
                                        අනුන් පිට තකමින් යුතුකම                                   හමුවේ
                                        බියෙන් මුළු වදිනු අපහට තරම්                             නොවේ



සාදුවරුන්ගේ සරනයන, මිනිස්සු අදහන පිරිසිදු සිංහල ජාතියට උපහාරයක් වන්නට සහ නිවටුන්ගේ ඇස් ඇරෙන්නට නන්නත්තාරවදන් පුජා කරමි පුජා වේවා......

No comments:

Post a Comment

මට බනින්න ඕනෙද? මගේ ගුණ කියන්න ඕනෙද? මාව වට්ටන්න ඕනෙද? මෙන්න නියම චාන්ස් එකක්. ගල් මුල් වගේම මල් වැල් ඕන දෙයක් බාර ගන්නවා. වචන දෙකක් කෙටුවත්. ඒ වචන දෙක මට ලොකු හයියක්...

සුබ :)