Friday, November 14, 2014

.....නුතන මළගෙවල්...




මරණය වූ පාර්ශ්වයේ සතියක පමණ ලොවට පෙනෙන දුකක්
අනෙකුන්ගේ හුදෙක්ම විනෝදකාමී තිත්පොලක්
තුන්මාසයක් ගිය පසු පරණ මතක සැමරුමක්
අවුරුද්දක ඇවෑමෙන් එක් දින විනෝදකාමී රඟහලක්...


.....අමනුස්සයන් වෙනුවෙන් නන්නත්තාර වදන්.....

16 comments:

  1. උඹේ අඩවිය පුරාම රවුම් ගැහුව අද.උඹේ රැඩිකල් අදහස් අකුරු කරල තියන විදිහනම් ඉස්තරම්.නවත්තන්නෙ නැතුව ඉස්සරහටම යමන්.ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ඉස්තුති මචන් :) එල

      Delete
  2. අනිවා.................... මේක තමයි ඇත්ත.. මනුස්සකමක් නැති... එකෙකුට එකෙක් නැති... මරණයකට මිනිහෙක් නැති අනාගතය.............................. ඔන්න අපි හම්බකරගෙන තියෙන දෙය....... එදාට උඩඉදගෙන බලලා හූල්ලන්න තමයි තියෙන්නේ....

    ReplyDelete
  3. අනේද කියන්නේ.. අද කොයිදේත් කට්ටිය සෙට් වෙන්න පාවිච්චි කරන් දෙයක් විතරනේ..

    ReplyDelete
    Replies
    1. සෙට් වෙන්න ක්‍රම දැන් ඕන තරම් :)

      Delete
  4. කෙටි වුනත් ලොකු පණිවිඩයක් ගැබ්වෙලා තියෙනවා.
    මළගෙවල්, දා‍නෙ ගෙවල්, ඔක්කොටම වඩා කැමරාවට විතරක් සියල්ල සිදුවන මගුල් ගෙවල්.
    මේ සේරම එකයි. ලෝකෙට පේන්න ආවඩනවා විතරයි. අපිට වඩා බොහෝම ඉදිරියෙන් බටහිර රටවල් ඉන්නෙ මේ දේවල් වලදි. මගේ නම් අදහස මියගිය පසු ලක්ෂගණන් වියදම් කරනවාට හොඳයි ඒ මුදලින් ජීවත්ව ඉද්දි ඔහුට/ඇයට මාසික දීමනාවක් දෙන එක.

    ReplyDelete
    Replies
    1. අනිවා ජිවත් වෙලා ඉන්න කලේ මනුස්සයන්ට සලකන්නේ නැතුව මිය ගියාට පස්සේ විතරක් ලෝකෙට පෙන්න අඩබෙර ගහනවා :)

      Delete
  5. මැරිච්ච මනුස්සයත් තමන්ගෙ මළගේ ,දානගේ දිහා බලන් ඉන්නව ඇතිනෙ ඒ මනුස්සයට මොනවා හිතෙනව ඇත්ද ? ............ :D

    ReplyDelete
    Replies
    1. මේ සමාජේ ඉන්නවට වඩා මරුන එක සැපක් කියල හිතනවා ඇති :D

      Delete
  6. මළගෙදරත් තමන්ගේ හැකියාව සහ උජාරුව පෙන්නන තැනක් වෙලානේ. ගිහියෝ අමතක කරපන්. ඔය සංඝ නායකයෙක්ගේ අදාහනයක් අරන් බලපන්. ඒ සල්ලි වලින් අසරණ පවුලක් දෙකක් ගොඩ දාන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ හිටියා නම් මොනවා හිතෙයිද..

    ReplyDelete
    Replies
    1. රියලිටිකරණය උන සමාජෙනේ :D

      Delete
  7. අවාසනාවට ඇත්ත කතාවක් :/

    ReplyDelete

මට බනින්න ඕනෙද? මගේ ගුණ කියන්න ඕනෙද? මාව වට්ටන්න ඕනෙද? මෙන්න නියම චාන්ස් එකක්. ගල් මුල් වගේම මල් වැල් ඕන දෙයක් බාර ගන්නවා. වචන දෙකක් කෙටුවත්. ඒ වචන දෙක මට ලොකු හයියක්...

සුබ :)