Tuesday, May 5, 2015

.....ලංකාවට වෙනසක්.....

" ගිය මාසේ තුම් හුලස් වලින් මල්වෙඩි වලින් දෙදුරුම් කාපු අහස


දැන් ලොකුවට පායපු හදකින් එලිය වෙලා...


ඒ කාලේ මල් වෙඩි වලින් එලිය කරපු පාරවල්

අද වෙද්දී පහන් පත්තු කරලා බකට් කූඩු එල්ලලා එලිය දෙනවා...

පාර දෙපැත්තේ පිපුණු එරබදු මල් ටික පර වෙලා ගිහින්

සුදු අරලිය මල් වලින් සුවද වෙලා..

අවුරුද්දම හම්බ කරලා ඒ සල්ලි දවසින් නාස්ති කරපු මිනිස්සුන්ට

අද පාරේ යද්දී ලගට අඩ ගහලා කන්න බොන්න

බලෙන් දෙනවා... "


- ...ලංකාව ගොඩක් වෙනස් වෙලා... -

Wednesday, April 29, 2015

.....වෙසක් කතාව.....

අම්මේ.... අම්මේ... හෙට අම්ම සිල් ගන්න එහෙම යනවද? වෙසක් පෝය දවසට පෙහෙවත් සමාදම් වෙනවා කියන්නේ කොච්චර ලොකු පිනක්ද?.. " වෙසක් දවසට කලින්දා තම මෑණියන් කඩිමුඩියේම පෙහෙවත් සමාදම් වීමට සැරසෙනු දුටු සුමනා ඇසුවේ මව දැන් දැන් පිනට නැබුරු ඌ බව හැගෙන නියාවෙනි...


" ඔව් ඔව් දුවේ රට පුරාම දන්සල් බාවනා පින්කම් සංවිදානය වෙන්නේ බුදු තෙමගුල සමරන්නනේ... අපිත් වෙසක් දවසට දැන් දෙන එක සිල් රකින එක බොහොම පිනක්.. "


" මොකද්ද ආච්චියේ දන් දෙනවා කියන්නේ? " එවර පොඩි පුතු ගෙන් ප්‍රශ්නයකි.


" දන් දෙනවා කියන්නේ මගේ පුතේ නැති බැරි යට අපට ඇති හැකි අයුරින් තියන විදිහට පරිත්‍යාග කරන එකනේ... එක මෙලොවටත් පරලොවටත් උතුම් බොහොම පින් ලැබෙන සත් ක්‍රියාවක්.... පුතත් ලොකු උනාම දැන් දෙන්න පින් රැස් කර ගන්න පුරුදු වෙන්න ඕන... "


" ඇයි ආච්චියේ ලොකු උනාම විතරක් පින් රැස් කරගන්න ඕන.... "


"උබත් මහා පැහිච්ච සීයා.... ඒ උනාට අම්මේ දැන් ලංකාවේ බුදු සාසනේ නම් ගොඩක් පිරිහිලා නේද? මම ලගදී දවසකත් දැක්ක හාමුදුරුවරු වගයක් සිවුරු කරේ තියන් ලොකු උද්ගෝශනයක ඉන්නවා.... " තම පොඩි පුතුගේ කතාව නුරුස්සමින් මවගේ හිත පරුනාදොයි සිතමින් සුමනා කීවාය.


" අපිට මිනිස්සු හදන්න බැනේ බන් අපි හැදෙන්න ඕන... දන් පින් රැස් කරගත්තොත් අපිට... හැම වෙලාවේම දන් දෙන එක තමා උතුම්ම දේ.... "


" ආච්චියේ හෙට පන්සල් ගෙනියන්න කියල මල් ටිකක් කඩාගන්න කියල හැදුවේ මේ ගහේ මල් පිරිලා... "


" අපෝ උබලගේ ඇස වහ... උබලටත් ඉතින් මල් කඩා ගන්න අපේ ගහමනේ ඕන උනේ... මේ ගමේ වෙන ගස් නැතුවට....  "




- අවසානයි -



" බ්ලොග්වාසී ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා "

Thursday, April 16, 2015

..... සුබ අලුත් අවුරුද්දක් වේවා! .....

බ්ලොග් වාසී සියල්ලන්ටම සුබ අලුත් අවුරුද්දක් වේවා!




මෙහි අඩංගු පින්තුරය මදුමාධවී බ්ලොගය තුලින්උපුටා ගත බව සැලකිය යුතුය.

Wednesday, April 15, 2015

..... සමාජයේ තිත්ත ඇත්ත......


මුලින්ම කියන්නම් කතාවක් කියල අර්ථකථනය දෙන්න එපා මොකද මේක කතාවක් නෙවේ.... සමාජයේ ගොඩක් සල්ලි තියෙන මනුස්සයෙක්ගේ නොදකින නොපෙනෙන පැත්තක්....

Wednesday, February 25, 2015

.....රෑ ජාමෙට හොල්මනකට හසු වී.....




කාලෙකින් කතාවක් කියපු නැති හින්ද නිකමට වගේ මට වෙච්ච සින් එකක් කියන්න කියල හිතුන. හොල්මන් ගැන සමහර අය අහලත් ඇති. සමහර අය අහල නැතුවත් ඇති. අහල තියෙන අයට සහ අහල නැති අයට දෙගොල්ලොන්ටම කියවන්න මම කතාවක් දාන්නම්. මේක මට උන දෙයක්.

Thursday, February 5, 2015

.....සල්පිලේ පොඩි එකා.....



ඔන්න ඉතින් හා හා පුරා කියල මගේ අහිංසක බච්ච කාලේ කතාවක් කොටන්න හිතුවලු හොදේ.. මන් කියන්නේ මේකට කුප්ප කමක්ද කපටි කමක්ද කියල මට තාමත් හිතා ගන්න බැ....