Saturday, November 1, 2014

.......පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී.....




හෙන බරක් ඔලුවේ තියාගෙන අතරමන් වෙලා පාරේ යනෙන මන් නැතුව ඇවිදින පොරිසාදයෝ විතරක් නෙවෙයි, දැනුම හොයන්න උනන්දුව තියන, ඒ ගැන මහා පිපාසයකින් ඉන්න, ඒවාට පිළියම් හොයන්න අතොරක් නැතුව දැනුම් පොතේ නිම හිම් හොයන, බෝදිසත්ව ගුනෝපේත ළමයින්ට පාර පෙන්නන්න දුක් මහන්සි වෙන
උන්ගේ දෑස පාදන්න තම දහදිය බිදුවක් බිදුවක් පාසා හෙලන ඒ දහදිය කැපකරන සුවහසක් තාත්තල අප්පච්ච්ල හදපු එවුන්ගේ කරදඩු උස මහත් උනාට පස්සේ විසිකරලා එලියට දාන්න තරම් නොදිවුණු උන මෝඩ මුගද සමාජයක් දාර්ශනික වදන් දීල තව ඒවගේ ඒවා ඒ ඒ අයගෙන් කට අරගෙන බලන් ඉන්නකොට ලෝකෙට පරකාසේ එත් ගෙදරට මරගාතේ උන ඒ වගේ මනසින් උසස්යයි කියන මනුස්සයෝ පාලු ගෙවල් වල වලන් බිදින කොට ගෙදර තියන හට්ටි මුට්ටි කුඩුපට්ටම් වෙලා ඉහිරිලා ඉරිතලල යනහැටි උන්වත් දන්නවද කියල ප්‍රශ්නාර්ථයක්?

ලෝකෙට රටට තමන්ගේ ආගමට ජාතියට ප්‍රශ්නයක් ආපුවහම බයේ හැඟෙන පිරිමි බාග ගනු බාග වලට වඩා "මොකද්ද යකෝ තොපිල කරන්නේ" කියල පණක් ඇතුව කටක් ඇරල අහන්න පුළුවන් කොන්ද පන තියන සමාජයක් බිහි කරපු ඒ කටහඩට පන දුන්න ශක්තියක් උන සුවහසක් පෙරුම් පුරන බෝදිසතව ආත්ම ඇති අප්පච්චිලා මතු කලෙක දෙවුසිරි විදිනවා නිසැකයි. තමන්ට බැරි උනත් 'මගේ එකා' මෙතනට එයි කියල ඇස කෙවෙනි රත් වෙනකම් බලන් හිටපු බඩට නොකා 'තමන්ගේ එකාට' දුන්න තාත්තල රත්තරන්. එහෙවු තාත්තල ඒ ඒ දරුවන්ගේ අතින්ම මහා පාරට වැටෙද්දී තාක්ෂනේ අතින් ඉහලටම යන ලෝකේ සාරදර්ම අතින් තව තවත් පහලට යන හැටි අහන්න දෙයක් නෙවේ. කිරි නොදුන්නත් බඩේ නොදැරුවත් AC රූම් වල ඉන්න යමක් කමක් තියන තමන්ගේ එවුන් වෙනුවෙන් මහන්සි වෙන ඩඩාලා සහ අවුවේ මහන්සිවෙන කට්ට කන දහදිය තමන්ගේ උන් වෙනුවෙන් හෙලන තාත්තල අපච්චිලාට ලියන ලියවුන අකුරු උපහාරයක්ම වේවා....

වීරවරුන් වුනු තාත්තලාට නන්නත්තාර උණු හොරාගෙන්....

No comments:

Post a Comment

මට බනින්න ඕනෙද? මගේ ගුණ කියන්න ඕනෙද? මාව වට්ටන්න ඕනෙද? මෙන්න නියම චාන්ස් එකක්. ගල් මුල් වගේම මල් වැල් ඕන දෙයක් බාර ගන්නවා. වචන දෙකක් කෙටුවත්. ඒ වචන දෙක මට ලොකු හයියක්...

සුබ :)