අලුත් අවුරුද්දත් අපි දන්නේ නැතුවම ඇවිල්ල ඉවරයි. මොන දේ කරත් කාලේ යන එක තමා මම හිතන විදිහට අපිට නවත්තගන්නම බැරි දෙයක් වෙන්නේ. ගිය අවුරුද්දේ අපේ අතින් ගොඩක් වැරදි අඩුපාඩු ඇතිවෙන්න ඇති. ජිවත් වෙද්දී ප්‍රශ්න ගොඩක් අපේ ජීවිතේට එන්න ඇති. ඉතින් මේ අලුත්ම අවුරුද්දත් එක්ක අපි ඒ දේවල් හදාගෙන අපේ අතින් අතපසු වෙච්ච දෙ හදාගෙන මොන බාදකේ ආවත් කඩාගෙන ඉස්සරහටම යමු. මම මේ බ්ලොග් එක ලියන්න අරන් වැඩිකල් නම් නෑ. එත් මේක ලියන කාලේ මගේ අතින් වැරදි දෙයක් ලියවුනානම් , මම ලියපු ඒවගෙන් කගේ හරි පොඩි හිත් රිදවීමක් හරි උනානම් දහස්වාරයක් සමාව ඉල්ලනවා. ඒ වගේම මේ මම දාපු පොස්ට් වලට කමෙන්ට් කරපු බලපු යට නැති අයට ගොඩාරියක් ඉස්තුති. ඔයාලා හැමෝටම මේ අලුත් අවුරුද්ද සතුටින් ඉන්න පුළුවන් කිසි කරදරයක් නැති සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල හදවතින්ම ප්‍රර්ථනා කරනවා.
#හොරා
හරියට පෙන්ෂන් යන/ ට්‍රාන්ස්ෆර් යන කෙනෙක්ගෙ කතාවක් වගේනෙ. කරපු වැරැද්ද තමා දෙසැම්බර් මාසෙ මොකුත් නොලීව එක.
ReplyDeleteමේ මාසෙ ඉඳන්වත් දිගටම ලියන්න හැකි වේවා!
සුභ අලුත් අවුරුද්දක් වේවා!!
හී හී...... දෙසැම්බර් මාසේ ලියන්න බැරි උන එකට සමාව බජනයක දමන මෙන් ඉල්ලා සිටින අතර ඉදිරියේදී නොකඩවා ලිවීමට දිවුරා පොරොන්දු වෙමි :) බොහොම ඉස්තුති :)
Deleteසුබම සුබ නව වසරක් වේවා.................. ජයවේවා
ReplyDeleteඑකෙන්ම බොහොම ඉස්තුති වේවා :)
Deleteවැඩි වැඩියෙන් හරියන සුබ අලුත් අවුරුදක් වෙන්න ඕන ...
ReplyDeleteඑසේම වේවා :) බොහොම ඉස්තුති ධනුෂ් කොල්ලටත් :D
Deleteමේ බ්ලොග් එක වෙත සාදරයෙන් පිලිගන්නවා :)
Deleteසාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා!
ReplyDeleteබොහොම ඉස්තුති අශාන් බ්ලොග් එක වෙත සාදරයෙන් පිලිගන්නවා :)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහොරාටත් සිනා පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් ! :)
ReplyDeleteගොඩක් ඉස්තුති හන්සියෝ :)
Delete