Saturday, January 31, 2015

.....දුමක දැල්වෙන මිනිස් ජිවිත.....



"නිකොටින් කාබන් හොද නැ පපුවට
ලී මත ජිවිත වැලලෙයි පොළොවට
ලාබෙට මුදලට පිළිකා ගත්තට
මුදලට හැකිවේද පිළිකා නැසුමට
කප කප දල්ල ඉවතලයි දඩු ටික
සුදු පාට කොලයේ දිග අතට ඔත ඔත
මවුකිරි බිවු කටින් විස මල උරද්දී
අම්මල වැළපෙයි මචන් උබලව වැදුවට"

" අහස ටීම් - කොත්තුවා - කරුමය "



ඉස්සෙල්ලාම අවසරයි බ්ලොග් වාසීන්ගෙන් මාරයට බනින්න. කියන්න ඕන මේ කරුමයට මමත් තදින්න්ම ආබැහිවෙලා ඉදල දැන් අයින් කරපු ක්‍රියාකාරකමක්. :)

සින්දුව ගැන විග්‍රහයක් , විචාරයක් , දැනුම් දීමක් කරන්න යනවා නෙවේ. නරකද තේරුම පොඩ්ඩක් සලකලා බැලුවොත්. සිගරට් එකක් මාව පාරක් දුන්කුඩු ඕව ගැහුවා කියල සමාජයේ පොරක් වෙනවද? උබල ගහනවානම් උබල මිනිස්සු අතර ජනප්‍රිය වෙනවද? හරි කියයි 

" අපිනම් සිගරට් එකක් බිවුවට මාව එකක් කෑවට ගංජා ගහන්නේ කුඩු ගහන්නේ නැ බන්."

එතකොට මම අහන්නම් 

" ඇයි සිගරට් කියන්නේ මත්ද්‍රව්‍යක් නෙවෙයිද? ශරීරයට හිතකර වෙදකමේ නිර්දේශිත ඖශදයක්ද? උබලට ඒවාට උත්තර තියනවද? "

ඉස්සෙල්ලාම පොඩි කලේ පොඩි එකෙක් තමන්ගේ තාත්ත බුලත් විටක් කනකොට 

" මොකද්ද තාත්තේ මේ කියල " 

බුලත් කොලයක් ඉල්ලන් කනවා. තාත්තා පොඩි එක නිසා බනින්නේ නැ. අවවාද දෙනවා ඕව හොද නැ කියල. ටිකක් ලොකු වෙනකොට ළමය ඉස්කෝලේ යනවා ලොකු වෙනවා අවුරුදු පහලව දාසය වෙනකොට ඉස්කෝලේ යාලුවෝ 

" මචන් බඩුවක් තියනවා. ටෙස්ට් කරලා බලමුද? පට්ට ආතල් එක " 

මාව පාරක් කාල බාබුල් පාරක් කාල අඩිතාලමක් නැත්නම් ලල් එකට ආතල් එකට සෙට් වෙනවා. තව ටිකක් ලොකු වෙද්දී 

" මචන් අද පන්ති යන්න බැ ඉස්කෝලේ යන්න බැ කම්මැලි වගේ? සෙට් වෙමුද මොකෝ කියන්නේ? " 

දවසක් දෙකක් ආතල් එකට බියර් එකකින් පටන් අරන් ගල් අරක්කු වොඩ්ක ඔය එකී මෙකි නොකී හැම දෙයක්ම ටෙස්ට් කරලා බලල පුරුදු වෙනවා. ඔහොම සමාජෙට යද්දී අරක මදි වෙලා තව තව දේවල් වලට යනවා. පැණි පෙති කෙජී ගංජා ඊට පස්සේ හෙරොයින් කියන දෙ එන්නේ නිකම්ම. වයසට යන්න කලින්ම ලෙඩ ඇවිල්ල එකතැන් වෙලා දන්නෙත් නැ මැරිලා. බේබද්දා කුඩු කාරය ගන්ජකාරය වෙලා.

පොඩි එකාව කුඩු කාරය කරන්න කවුද වැරදි? බුලත් කෑවම බනින්නේ නැතුව අවවාද දුන්න තාත්තද? ඉස්කෝලේ ගියාම එක එක දේවල් ගෙනත් දුන්න පන්ති යන්න බැ කියල සෙට් වෙලා මතට පුරුදු කල යාලුවොද? නැත්නම් මේ සමාජේද? 

නැ මචං උබයි වැරදි.. සමාජය එහෙමයි කියකියත් දැන දැනත් ඒ තත්වෙට ඇබ්බැහි උන උබයි වැරදි. ආතල් එකම හොයපු උබයි වැරදි. වැරැද්ද හදාගමු.

" මම මේ ලෝකෙට දුන්නේ කවදාවත් නිවන්න බැරි ගින්නක් "- ජෝන් ප්ලේයර් -


දන්නවද උබ එක සිගරට් එකක් පත්තු කරලා නිවද්දී මේ ලෝකේ තව අලුත් සිගරට් දස දහස් ගණනක් පත්තු වෙනවා කියල? දැකල තියනවද පිළිකාවක් හදුනා කෙනෙක් සම්පුර්ණ සුවය ලබල සාමාන්‍ය මිනිස්සුත් එක්ක වෙනද විදිහට වැඩ කරනවා? දැකල තියනවද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උන මනුස්සයෙක් වැඩි ආයුස අරන් ජිවත් වෙනවා? හිතපන්.. හිතල හැදියන්..

උබලට ඕකෙන් වදිනවද? දුක් නිවෙනවද? අමතක කරන්න පුලුවන්ද හැම දෙයක්ම? හදේ පාවෙනවද? මමනම් කියන්නේ ඕව රගන මිනිස්සුන්ගේ බොරු බයිලා කියල. සික් එක කියල රගන මිනිස්සු රගන්න හදාහන්න දාගත්තු විකාර කියල.

මම අහල තියන දෙයක් අදහන දෙයක් තමයි " ජීවිතය විදින්නට මිස විදවන්න නෙවේ " කියල. ඉතින් මම හිතන්නේ විදින්න ඕන තරම් දේවල් ලෝකේ තියෙද්දී අයි දන දැනත් විදවන්නේ කියල. සමාජේ හදන්න බැ අපි හැදෙමු. හැදිලා අනිත් අයත් හදමු. මම මුලදීත් කිවුව මමත් ඔය කරුමයට අහුවෙලා හදාගත්තු නන්නත්තාර මිනිහෙක් කියල. අපි හැදුනොත් සමාජය ඉබේම හැදෙයි. තව දෙයක් හොරානම් කැමති පවතින ආණ්ඩුවෙන්වත් මත්ද්‍රව්‍ය වලට දාල තියෙන බද්ද 200% වත් වැඩි කරනවානම් :)

මාරයාට එරෙහිව නන්නත්තාර වදන්...

6 comments:

  1. හැම දේකම ආතල් එක දන්නෙ ඒක විඳින උන්. කොයි දේත් එහෙමයි. (එළිය හැකි විනාශය දැනුම්දීම වෙනම දෙයක්)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත හැබැයි මම හිතන්නේ නැ මේක හිතන තරම් ආතල් එකක් කියල :)

      Delete
  2. පිලිගන්නවා ඒ වුනාට නවත්ත ගන්න අමාරැයි

    ReplyDelete
  3. විශිෂ්ටයි ...හදවතට දැනෙන්නෙම මේ ලිපිය ලියල ...මේවා කියවල හරි මිනිස්සු හැදෙනවානම් ....

    ReplyDelete
    Replies
    1. අන්න එතන තමා ප්‍රශ්නේ තියෙන්නේ :)

      Delete

මට බනින්න ඕනෙද? මගේ ගුණ කියන්න ඕනෙද? මාව වට්ටන්න ඕනෙද? මෙන්න නියම චාන්ස් එකක්. ගල් මුල් වගේම මල් වැල් ඕන දෙයක් බාර ගන්නවා. වචන දෙකක් කෙටුවත්. ඒ වචන දෙක මට ලොකු හයියක්...

සුබ :)