Sunday, November 30, 2014

.....ප්‍රශ්න එක්ක දුවන ජිවිතේ.....

මේ ජීවිතෙත් හරියට බහුවරණ ප්‍රශන පත්තරයක් වගේ.
අපිට ප්‍රශ්න ගොඩක් ජීවත් වෙද්දි එනව.
ඒවට හරිම උත්තරේ වගේම අපිට හිතා ගන්න බැරි උත්තරත් තියනව.
ඒවට අපි පාවිච්චි කරන්නෙ වඩාත් ගැලපෙනම පිළිතුර.
වැරදි උත්තරයක් දැම්මොත් ජීවිතෙන් පරාදයි

6 comments:

  1. සමහරක් බහුවරණ ප්‍රශ්න පත්‍රවල එක උත්තරයට වඩා තියෙනවා. ඒ වගේම හරි උත්තරයක් ලකුණු නොකිරීම වගේම වැරදි උත්තරයක් ලකුණු කිරීමටත් රින ලකුණු ලැබෙනවා. උත්තර දෙකක් දීලා හරි එක හොයන්න කියන එක තමා ඉතාම භයානක.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම :) හරි උත්තරේ අපිම හොයා ගන්න ඕන :)

      Delete
  2. අනික තමයි ඒක හරි වැරදි දැනගත්තා ම අායේ ඒක හදන්නවත් බැහැ... අනික තමයි කවදාවත් ජීවිතේ ප්‍රශ්ණයකට හරි උත්තරය කියලා ඒකක් නැහැ... අපිට හරි ඒක හරි... ඒත් ප්‍රශ්ණ පත්තර වලදී ඒක හදන අයම උත්තරත් තීරණය කරනවා.. ඒත් ජීවිතය අනික් අයට තීරණය කරන්න දෙන්න ඒපා.............

    ReplyDelete
    Replies
    1. අපේ ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න ඕන අපිම තමයි :)

      Delete
  3. වැඩේ කියන්නේ සමහර වෙලාවට එකම බහුවරණ ප්‍රශ්නෙ සරින් සැරේ වෙන වෙන උත්තර වලින් එන එක.වෙලාවකට අමාරුයි වෙලාවකට ලේසියි. සමහර වෙලාවට කිසිම උත්තරයක් හිතාගන්න බැරිඋනාම ටක් ටික් ටුක් කියල ඇස් දෙක වහල උත්තරයකට ගහන වෙලාවකුත් තියනව .ඒත් ඒ ගහන උත්තරෙත් වැරදෙයි කියන බයට උත්තර නොදීම ඊළඟ ප්‍රශ්නෙට යන වෙලාවලුත් තියනව .....

    ReplyDelete
    Replies
    1. උත්තර නොදී ප්‍රශ්නෙන් පැනල යනවට වඩා මම හිතන්නේ ටක් ටුක් ටික ගහන එක හරි වැදගත් :)

      Delete

මට බනින්න ඕනෙද? මගේ ගුණ කියන්න ඕනෙද? මාව වට්ටන්න ඕනෙද? මෙන්න නියම චාන්ස් එකක්. ගල් මුල් වගේම මල් වැල් ඕන දෙයක් බාර ගන්නවා. වචන දෙකක් කෙටුවත්. ඒ වචන දෙක මට ලොකු හයියක්...

සුබ :)