Monday, November 24, 2014

.....මාළු තියෙන මාළු පාන්.....


හොරාටත් පොඩි කතා කැල්ලක් ලියන්න හිතුව. මේක මගේ යාලුවෙක්ට වෙච්ච දෙයක් හොදේ මටනම් නෙවේලු ඉතින්. දවසක් මු ලෙක්චර් ඇරිලා ඉවර වෙලා එන ගමන් පාරේ හොදටම වැස්සලු.
කුඩයක්වත් නැතුව පයින්ම බස් එකට ගාටනකොට උදේ ඉදන්ම හෙම්බත් වෙලා පාඩන් කරනවා කියල ( එහෙමනේ බන් ඉතින් කැම්පස් යනකොට.ජීවිතේට පාඩම් කරන්නේ නැති එකා උනත් කැම්පස් යද්දී පාඩම් කරන හොද ළමය වෙනවා :D ) ලයිබ්රි එකටත් ගොඩ වැදිලා එනකොට ලෙසටම හවස්වෙලා ඒ මදිවට ස්වාබාවදර්ම මෙවුව එකත් හරස් වෙලා හොදටම වැස්සේත් තෙමිලා එන ගමන් බඩ ගින්නටත් එක්ක කඩේකට සෙට් උනාලු. දැන් කන්න සෙට් උනාට පස්සේ අතේ පයේ සල්ලි කියල දේකුත් තියෙන්න එපැයි. සාක්කුවත් හෙමිට අතගාගෙන එකත් බලාගෙන දිවුරගෙන සපත කරගෙන මු කඩේ මුදලාලියට කියල හැමෝගෙම ආහාරේ වෙච්ච දුකට සැපට එකට ඉන්න මාළුපාන් දෙක තුනක් එක්ක සොටීස් පාරක් ගෙන්නවාගෙන ප්ලේන්ටි පාරකුත් එක්ක මු අදාල අරිනවලු...

කාල ඉවර වෙලා යන්න හදද්දී පෙන්නන බිල දැක්කම තමා මුට උන් හිටි තැන් අමතක වෙලා කාපු ඒවා වමාරන්න හිතිලා තියෙන්නේ. දන්නා එකා දන්නවා ටවුන් හෝල් ලයිබ්රිය ගාව තියන හෝටල් එසේමෙසේ ගණන් වලින් අපේ පර්ස් එකට ශේප් වෙන්න බැරි බව. එව වලින් කන්නනම් අපි වගේ සාමාන්‍ය මද්‍යම පාන්තික ඉගෙන ගන්න ළමයි ඩිග්රිය කරන ගමන් තව පාර්ට් ටයිම් ජොබ් පාරකුත් කරන්න ඕනේ. ඒතරම් සුවච කීකරු අගට පතට දැනෙන ගණන් ඒවායේ තියෙන්නේ. කතාවට බහිමුකො රොන් නැතුව. ඉතින් මගේ මේ අතිජාත මිත්තරයාගේ කාපු බිල රුපියල්ම 675.00 ක් උනාලු. බස් එකටයි රැට සප්පායම් වෙන්නයි ( ඒ කිවුවේ රැටත් කන්න හොදේ ) තියෙන්නෙම රුපියල් 700.00  කොට මුට මේක දැකලම උන්හිටි තැන් අමතක වෙන එක අහන්න දෙයක් නෙවේනේ. ඉතින් මුදාලාලිකරණයට නතු උන කඩේ මුදලාලිත් එක්කම කතා කරලා ගාන පොඩ්ඩක් සේප් කර ගන්න මු දැන් මුදලාලියත් එක්ක බර කයියක්....

මිත්තරය - මුදලාලි ගාන නම් ටිකක් වැඩිනේ :(

මුදලාලිය - ඒව කොහෙද මහත්තයෝ අපි හරි සාදාරන මිනිස්සු. මහත්තයල කනකොට අම්බානෙක කනවා පුස් ඌරො වගේ බිල එනකොට තමා ගාන මතක් වෙන්නේ මොනවද මහත්තයා මේ ක්‍රමේ

( මුදලාලියට අම්බානට මල )

මිත්තරය - අනේ මුදලාලි එහෙම කියන්න එපා ඉතින් මේවයේ මාළු පාන් කිවුවට මාළු තිබුනෙත් නැනේ නිකම්ම අර්තාපල් ටිකයි පිටි ගුලියයි විතරයි. එහෙවු එකේ ගාන පොඩ්ඩක් අඩු කරන්න බැරිද :/

මුදලාලිය - අනේ මේ මහත්තය දැන් ඔය ගල් බනිස් කිවුවට ඒවායේ ගල් තියනවද? එතකොට කිබුල බනිස්වල කිබුලෙක් තියා එක හූනු පැටියෙක්වත් නැනේ මහත්තය. එහෙවු එකේ ඔය මාළු පාන් ගෙඩියක මාළු හොයනවද මහත්තය දැන් කාලේ. අපි පිටි හොයා ගන්නේ බර ගේමක් දීල. ඒවායේ ගන්නකොටත් බදු බානකොටත් බදු ලග තියාගෙන හිටියත් බදු. එහෙම අමාරුවෙන් බේකරියේ මාළු පාන් ගෙඩියක් හැදුවම මහත්යල එන්නේ එකේ මාළුවා හොයන්න. නිකන් පවු දෙන්නේ නැතුව බිල ගෙවල යන්න මහත්තය යන්න.

මිත්තරය අනාගන්න ගිහින් නාන්නතුව බේරිලා එතනින් කොහොමහරි සේප් වෙලා 138 බස් එකක් අල්ලන් ගෙදර කියන බෝඩිමටත් ආවලු.

මුට ගෙදර ආවම තාම හොදම හරිය වෙලා තියෙන්නේ. කාපු මාළු පාන් එකේ සැර වැඩි කමටද කොහෙද බෝඩිමට ආව විතරයි බඩ දගලනවා දගලනවා වගේ දැනිල. බලල බඩට තට්ටු පාරක් දෙනකොට මාළු පාන් එකේ හිටපු මාළුවා කටින් එලියට පැන්නලු. මුට දැන් පුල් අන්දොස්. ඇයි කියලද ඇහුවේ? අච්චර පැය ගානක් රන්ඩු කරේ මාළු පාන් එකේ මලුවා නැ කියල කියන්නනේ. එහෙම එකක් තියෙද්දී ගෙදර අවම මාළුවා කටින් පනිනකොට කොහොමද ලල් එක. මු ක්ෂණික කරලා තියෙන්නේ ලගම තියෙන මහවැලි ගග ගලනවා වගේ ගලන කානු රාජයාට මේ මාලුවව දාල.

දාපු ගමන් මේ මාළුවා කිවුවලු ලංකාවේ දැන් ආශ්චර්යක් වේගෙන එන්නේ මිත්‍රයා. හැම දෙයක්ම හැම මනුස්සයම කණපිටට හැරිලා. ඉතින් ඉස්සර තාම මාළු පාන් වල මාළුවෝ නැත්තේ. දැන් එකටත් එක්ක පන පිටින් මාළු සැහෙන්න කියල මු පිනල මුඋට කින්ඩි හිනාවකුත් දාගෙනම ගියාලු.


පසුව ලියමි - කතෘ විසින් ගොතන ලද කතාවක් බව කරුණාවෙන් සලකන්න.

9 comments:

  1. පිස්සු හැදිල සනීප වෙනවා...:ඩී
    අකුරු පේන්නෙ නෑ ළමයා...පාට වෙනස්කරන්න

    ReplyDelete
  2. අකුරු පොඩියි අකුරු පාට අවුල්
    අපි වගේ නාකින්ට බෑ මේව කියවන්න...
    කතාව ගෙතිල්ල නං මරු...
    ලියපං දිගටම ලියන්න කලිං මේ අකුරු අවුල හදපං
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට වගේම වැරැද්ද පෙන්නලා දීම පිලිබදව බොහොම ඉස්තුති :)

      අකුරු හැදුව :)

      Delete
  3. හපොයි කියවීම වදයක්..

    ReplyDelete
    Replies
    1. සිදුවූ කාර්මික දෝෂයට සමාව බාජනයක දමනු මැනවි :)

      වැරැද්ද හැදුව :D

      Delete

මට බනින්න ඕනෙද? මගේ ගුණ කියන්න ඕනෙද? මාව වට්ටන්න ඕනෙද? මෙන්න නියම චාන්ස් එකක්. ගල් මුල් වගේම මල් වැල් ඕන දෙයක් බාර ගන්නවා. වචන දෙකක් කෙටුවත්. ඒ වචන දෙක මට ලොකු හයියක්...

සුබ :)