Wednesday, February 4, 2015

.....නිදහස නිදහසක් කරගමු.....



අභිමානවත් ජාතියක ලොවටම කට ඇරලා මේක මම ඉපදුන රට කියල කියන්න පුළුවන් සාඩම්බර උරුම කරුවෙක් වීම ගැන පළමුවෙන්ම ආඩම්බර වෙනවා.
හැබැයි ඉතිහාසය දිහා බලල වර්තමානය සතුටු වෙනවට වඩා වර්තමානයේ අපි කරන වැඩ කටයුතු අපේ මාතෘ භුමිය අබිමානවත් කරගන්න පුළුවන් තරමට සිද්ද වෙනවනම් ඒක ආඩම්බරයක්. නිකම්ම ගෙදරට වෙලා කලේ කාල වතුර බීල ඉන්නවට වඩා වචනකින් හරි රටට සේවයක් කරන්න සැරසෙනව නම් මම දකින විදිහට ඒ තමයි නියම දේශප්‍රේමියා හැබැයි තව දෙයක් ගෙදරට වෙලා තමන්ගේ වැඩ නොකර අනිත් වැඩ කරන උන්ට බැන බැන කියව කියව තමන් තමා රට ගැන හිතන්නේ කියල හිතුවොත් ඌ නිකමෙක්ම විතරයි.

අවුරුදු 67 කට ඉස්සල්ල අපේ රටේ ජිවත් උන දේශප්‍රේමියෝ තමන් රටට වැඩ කළා මිසක් අනිත් අයට බැන බැන හිටියනම් තාමත් අපි යටත් විජිතයක්. දැනෙන්න වැඩ කරලා තමන්ගේ ජිවිත පුජා කරපු තමන්ගේ ලේ දහදිය පුජා කරපු ඒ රත්තරං මිනිස්සුන්ට අදටත් අපි ගරු කරන්නේ ඒකයි.




එදා වගේම මිට අවුරුදු හයකට ඉස්සෙල්ල මේ රටේ පැවති තිස් වසරක කුරිරු යුද්දයෙන් රටේ මිනිස්සුන්ව තමන්ගේ ලේ දහදිය විතරක් නෙවේ ඇස් හිස් ලේ මස් හැම එකක්ම පුජා කරලා දිවිහිමියෙන් මුළු රටටම ජාතික නිදහසක් අරන් දීපු ත්‍රිවිද හමුදාව සිවිල් ආරක්ෂක හමුදාව වගේම පොලිසියේ ජාතික වීරයන් අද දින අපි මේ විදින නිදහසේ කොටස් කරුවෝ වෙනවා නියතයි. ඉතින් ඒ වගේ බාදක ජයගෙන ඉදිරියට ආපු අපේ රට මේ වගේ ජාතික වීරයන් රැක දුන්න අපේ රට තව දුරටත් සම්පුර්ණ නිදහස බුක්ති විදින්නට කටයුතු සලස්වන එක අපේ යුතුකමක්. ජාති බේද පන්ති බේද ආගම් බේද වලින් දුරු වෙලා බොරු ප්‍රචාර ඇති කරලා දිනු නිදහස අවුල් කරනවට වඩා එක වචනෙකින් හරි තමන්ට ජිවත් වෙන්න හුස්ම ටික දෙන තමන්ව දරාගෙන ඉන්න අම්මව රකින්න කටයුතු කරනවානම් වැදගත්.




දිනූ නිදහස අබිමානයෙන් යුතුව සමරමු. 67 වන නිදහස් දිනය වෙනුවෙන් නන්නත්තාර වදන්....

6 comments:

  1. ලිපිය හොදයි...............

    හැකිනම් අකුරු තව ටිකක් විතර ලොකු කරනවානම් අගෙයි.. කියවන්න පහසු වේවි...............

    ReplyDelete
  2. අද අපිට නම් අපේ ඉතිහාසය ගැන බලලා සතුටු වෙන්න පුළුවන්.. ඒත් අද අපි ඉන්න වර්ථමානය දවසක අතීතයක් වුනාම ඒ ගැන බලන අයට සතුටු වෙන්න පුළුවන් වේවිද කියන එක තමයි ඉතින් ප්‍රශ්ණය..

    ReplyDelete
    Replies
    1. අන්න ඒ දවසට සතුටු වෙන්න පුළුවන් විදිහට කටයුතු කරන එක අපේ යුතුකමක් :)

      Delete
  3. ඔබ හරි! නියම දේශප්‍රේමියෝ ආත්ම වර්ණනාවක යෙදුනේ නෑ. වැඩ කලා.
    (ඇත්තටම පසුබිම සහ අකුරු වල පොඩි පුරස්නයක් තියෙනවා)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් :) අඩුපාඩුව පෙන්වල දුන්නට ඉස්තුති :)

      Delete

මට බනින්න ඕනෙද? මගේ ගුණ කියන්න ඕනෙද? මාව වට්ටන්න ඕනෙද? මෙන්න නියම චාන්ස් එකක්. ගල් මුල් වගේම මල් වැල් ඕන දෙයක් බාර ගන්නවා. වචන දෙකක් කෙටුවත්. ඒ වචන දෙක මට ලොකු හයියක්...

සුබ :)