Tuesday, January 13, 2015

..... දේසපාලන බයිට් එක සහ මිනිස්සුන්ගේ VOTE එක .....



කාලෙකින් දිගටම ලියපු ලිපියක් දාන්න මටත් හිතුනලු.... දවසක් දෙකක් නෙවේ දවස් තුන හතරක්ම බලල හිතල යන තත්වේ අනුව ලියනවමයි කියල හිතුනලු. ලියන්නත් හිතුනේ අමුතුම ආරෙකටලු.
අපේ රටේ ප්‍රධානතම පුරවැසිය නැතහොත් ජනාධිපති තෝරන තරගයක් නැත්තම් හැමෝම කියවනවා වගේ ගැම්මෙන්ම කිවුවොත් මැතිවරණයක්, චන්දයක් තිබ්බලුනේ. ඉස්සල්ලාම මීට මාස ගානකට ඉස්සල්ල හිමින් හිමින් පොදු අපේක්ෂකයෙක් ගැන කතා කරල පස්සේ පස්සේ ජනාධිපතිවරණෙ ගැන ගොඩාක් වයිවාරණ තොරොම්බල් ගැන කතා කරලා වාද විවාද තියල, තාම තමන්ගේ මතවාද ඉදිරිපත් කරලා චන්දෙට ලෑස්ති වෙලාලු කට්ටියම. ඕව ඉතින් මැතිවරනයෙකදී සාමාන්‍යයි කියමුකෝ මඩ වදිනවා... තර්ක තියනවා.. බැන ගන්නවා... හැබැයි මේ පාරනම් ටිකක් වෙනස්ම වෙලාලු. පොදු අපේක්ෂකයෝ ගේමට බැහැල පති මාරු  වීම්  වාර්තාගත වෙලා වෙනස්ම ලෝකයක් බවට පුංචි ශ්‍රී ලංකාවේ ලොකු ලොකු මිනිස්සු චන්දෙට ලක ලෑස්ති වෙලාලු.

ඒ දවස්වල දකින තැන චන්දෙ දේශපාලනේ මිනිස්සුන්ගේ ජාතික ආහාරය වෙලා යන යන තැන මිනිස්සු වෙනදේවල් ගැන කරන දේවල් ගැන කතාවෙන්න පටන් අරන්. කෝච්චියේ, බස් එකේ, වැඩ කරන තැන, ගෙවල්වල, මහපාරේ විතරක් නෙවේ නවතින හැමතැනම ඕකම බයිට් එක වෙලා. සමාජ බයිට් එක.

කොහොමින් කොහොමහරි චන්දෙත් ඉවර උනාලු. ඉවර වෙලා දැන් සතියකට ආසන්න කාලයකුත් වෙන්න අරන්ලු. හිටපු ජනාදිපතිතුමා ලස්සගානකින් පරාදකරලා හැමෝම කතාකර කර ඉදපු කාටත් කවුරු වෙයිද කවුරු වෙයිද කියල හිතාගන්නවත් බැරිවෙලා ලොකු ප්‍රශ්නාර්ථයක් වෙලා තිබ්බ පොදු අපේක්ෂකතුමා අතිගරු ජනාදිපතිතුමා උනාලු.  ඔන්න ඉතින් අර දේශපාලනේ බයිට් වෙලා තිබුණු මිනිස්සුන්ට තව රහකරලා හපන්න ගොඩක් දේවල් හම්බ උනාලු. හිටපු ජනපතිට චන්දෙ දුන්න මිනිස්සු ඒ ඒ කතා කියනවලු. දිනපු පොදු අපේක්ෂකයාට චන්දෙ දුන්න මිනිස්සු තව තව කතා කියනවලු.

හිටපු ජනපතිට චන්දෙ දුන්න මිනිස්සු කිවුව කතාවේ ප්‍රදනතම උනේ " අනිත් අය දින්නේ දේශද්‍රෝහී කුමන්ත්‍රණයක් විදිහට. ඕකුන්ට පුලුවන්ද නැත්නම්. මුන් මහා ජරා මිනිස්සු. කාලගුණ දන්නේනැති එවුන්. "

දිනපු ජනදිපතිට චන්දෙ දුන්න මිනිස්සු කිවුවේ කතාව " ඔන්න සත්‍ය ජයගත්තා. මිනිස්සුන්ට පවුල් පාලනයකින් එකාදිපතිවාදෙකින් ගැලවිලා ජිවත් වෙන්න පුළුවන් වෙනසක් ඇති වෙන වැඩක් "

ඒ ඒ අය ඒ ඒ විදිහට කියද්දී හොරාටත් මේ විදිහට මෙහෙම ඇස් කහනවට බලන දේවල්, කට කහනවට කියන, අත කහනවට ලියන්න හිතුනලු. චන්දයක් යනු හුදෙක්ම තම තමාගේ කැමැත්ත විමසීමක්, තමන්ගේ කැමැත්ත බහුතර කැමැත්ත වගේම, අනිත් අයගේ කැමැත්ත නොවෙන්න පුළුවන්ලු. ඉතින් මේපාර චන්ද වාර්තා වලට අනුව දැක්වෙන්නේ ලංකාවේ බහුතර දෙනාගේ කැමැත්තක් දිස් වෙලා තියෙන නියෝජනය වෙලා තියෙන චන්දයක් විදිහටලු. සිංහල, දෙමල, මුස්ලිම්, ක්‍රිස්තියානි මේ හැම කෙනෙක්ගෙම කැමැත්ත නියෝජනය වෙලාලු. ලංකාවෙත් තියෙන්නේ කොහොමත්ම නියෝජිත මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයක්මලු නේ. ඉතින් ඒ නියෝජිත ප්‍රජාතන්තවාදී මැතිවරණයෙන් රටේ ප්‍රදනතම පුරවැසිය, අයිතිකාරයා නෙවේ ජනතාව නියෝජනය කරන ප්‍රදානම නිලදාරියව පත්කරන්න ප්‍රයෝජනයක් වෙලා කියන්නේ හොද සලකුනක්ලුනේ. ඒක උපයෝගී කරගෙන දේශපාලන වාසි වලට බොරු මතවාද බොරු විකල්ප ඉදිරිපත් කරනවානම් ඉදිරි අනාගතේටත් අවුලක්ලු. එහෙම උනොත් නැති ප්‍රශ්නත් ඇති කරගෙන ඇති ප්‍රශ්න වවාගෙන කන්න පුළුවන් අනාගත්යක්ම ලංකාවට වෙයිලු. එක් දෙශපාලකෙයෙකුට හෝ තනි පක්ෂයෙකුට පමණක් නියෝජනයක් දෙන ප්‍රජාතන්ත්‍රවාදයක් නෙවේ මුළු රටටම අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයක් තියනවනම් මේ රට යහපත්වෙයිලු.

තව දෙයක් ලස්සගානකින් වැඩිම නියෝජනයක් ලංකාවෙන් නියෝජනය වෙලා තමන්ගේ චන්දයක් කියලා දෙයක් පොදු අපේක්ෂකතුමාට ලබා දුන්නේ මේ ලංකාවේ යන අසුබ තත්වයෙන් සැබැ වෙනසක් කරලා රට ඉස්සරහට ගෙනියන්න මිසක්කා යන තත්වෙන් තවත් පහලටම දාල රට දෙකට තුනට කඩල පොඩි කරලා චප්ප කරලා තමන්ගේ ලොකු ලොකු සාක්කු පුරෝගෙන පහල මට්ටමේ වෙනසකට එහෙම නෙවෙයිලු. එක පොදු අපේක්ෂකත්වයෙන්ම පත්වුණු ජනපතිතුමාගේ වගකිමක්ලු. දැනට ලැබෙන ආරන්චිමාර්ග වලින් හොද තත්වයක පවතිනවාලු. ඉදිරියටත් ඒක හරියට වෙනවද කියල චන්දෙ දුන්න නොදුන්න මිනිස්සුත් හරි අවදානෙන්ලු. ඉතින් අපේ අපේක්ෂාවත් එහෙම වෙනසක්, ලොකු වෙනසක්, හොද වෙනසක් වෙලා ලංකාව මේ ලෝකෙම ඉහලම තැන රැදවෙනකම්ලු. ඉතින් හොරත් එක හිතින්ම ඒක ඒ විදිහටම වෙන්න කියල හදවතින්ම ප්‍රර්ථනා කරනවලු.

6 comments:

  1. අම්මට සිරිලු. හොරගෙඩිය කාලෙකට පස්සෙ ලියලලු. ඒව සේරම “ලු“ ලු. හැමදේම අහංඩ ලැබුණෙ “ලු“ වලින් නිසා ඒකෙ වරදකුත් නෑ ලු.

    ReplyDelete
    Replies
    1. හම්මේ ලියපු හැමදේම කියවල අදහස් ප්‍රකාස කරපු එකට හොදක් ඉස්තුතිලු :D

      Delete
  2. අපි ඉතින් බලාගෙන ඉන්නවලු..

    ReplyDelete
    Replies
    1. හැමෝගෙම ප්‍රාර්ථනාව එකයි :)

      Delete
  3. ඔව් ඔව් වෙනසක් වෙනුවෙන් අපිත් බලාන ඉන්නවලු :D

    ReplyDelete

මට බනින්න ඕනෙද? මගේ ගුණ කියන්න ඕනෙද? මාව වට්ටන්න ඕනෙද? මෙන්න නියම චාන්ස් එකක්. ගල් මුල් වගේම මල් වැල් ඕන දෙයක් බාර ගන්නවා. වචන දෙකක් කෙටුවත්. ඒ වචන දෙක මට ලොකු හයියක්...

සුබ :)