Sunday, November 2, 2014

.....තවත් එක් මිනිස් ජිවිතයක්.....




මේ ලඟදි යාළුවෙක්ගෙ උපන් දිනයක් සෙට් වෙලා මචන් එකට ගියා බන් උගේ ගානෙ පාටිය. උදේ ඉඳන් පිස්සු නටල එතනට යද්දි ටිකක් රෑවෙලා ගිහින් යාළුවොටික කෑම ඕඩර් කරන අතරෙ මම ටිකක් පැත්තකට ඇවිත් පූල් බෝඩ් වල එවුන් පූල් ගහන් දිහා ටිකක් වෙලා බලන් හිටිය. විනාඩි පහක් විතර එතනට වෙලා ඉඳිද්දි අවුරුදු හතලිස් අටක විතර පොරක් කොනේ ටේබල් එකක වාඩිවෙලා පාර දිහා බලාගෙන කල්පනා කරනව.
ටිකක් වෙලා බලාගෙන හිටියම තමා තේරුනේ පොරගෙ ඇස් දෙකෙන් කඳුලු බේරෙනව. හිතහන්කො මනුස්සයෙක් තනියම පාර දිහා බලාගෙන කල්පනාකර කර අඬනව කියන්නෙ ඌට හෙන ලොකුම ලොකු ප්‍රශ්නයක් තියන නිසානෙ මචන්. මට කරගන්න දෙයක් නෑ. මේ මනුස්සය මාව දැක්ක ගමන් මුකුත් උනේ නෑ වගේ බිම බලාගෙන ඩ්‍රින්ක් එක ගන්නව. 
මම ටිකක් ලං වෙලා මූත් එක්ක කයියක් දාගෙන ඉඳල හරි මූ ඉන්න තත්වෙන් ටිකක් හරි සෙට්ල් කරන්න හිතාගෙන ලඟට ගිහින් උගේ පුටුවට එහා පැත්තෙ පුටුවෙ වාඩිවෙලා පූල් බෝඩ් එක පැත්ත බලාගෙන හිටිය. මූ ටිකක් වෙලා ඉඳල මට සිගරට් පාරකුත් දික් කරල ගහනවද කියල අරුන් අරෙහෙ කන්නත් රෙඩි කරල තියන එකේ මම එපා කිවුව මොකද මචන් ඌ මට වඩා වැඩිමල් එපා කිවුවට පස්සෙ මූ මගෙන් ඇහුව හැමදාම වගේ මේවගේ එනවද කියල. මම කිවුව නෑ යාලුවෙක්ගෙ පාටියක් තියනව ඒකයි ආවෙ කියල මූ දැන් හෙන හුස්මකුත් අරගෙන කියනව පුතා ඔයගොල්ලො තරුන ලමයි තරුනකාලෙ කොලුකමට එක එක වැඩ කරනව. ඒව වැර්දි කියල තේරෙන්නෙත් නෑ පස්සෙ කාලෙක හැබැයි ඒවයින් සෑහෙන්න විඳවන්න වෙයි කියල ඒක කියනකොටත් මුගේ ඇස් වලින් කඳුලු බේරෙනව. මම ඊට පස්සෙ මුගෙන් විස්තර ඇහුව මචන්. මූ බත්තරමුල්ල පැත්තෙ පොරක්. බිස්නස් කරන ඩයල් එකක්. සල්ලි වලින්නම් දැන් අඩුවක් නෑලු. ඒ සල්ලි ලැබෙන්න ලැබෙන්න තමා ඌ බොන්න පටන් අරන් පාර්ටි ගානෙ ක්ලබ් ගානෙ යන්න පටන් අරන් තියෙන්නෙ. සල්ලි වලට කරගන්න දෙයක් නැතිවුනාමත් මිනිස්සු තිරිසන් වෙනව කියල මම විශ්වාස කරා මචන්. ක්ලබ් ගානෙ යන්න පටන් ගත්තට පස්සෙ ඒකෙ ප්‍රතිපලයක් විදිහට කාලෙකින් ඌට HIV හැදිල මචන්. ඌ මට කියනව. "පුතේ සල්ලි නැතුව මම කුලී වැඩ කරපු කාලෙ ගෙදර ගෑනු මනුස්සයයි ළමයි දෙම්නයි එක්ක දවසට වේලක් හරි කාල සතුටින් හිටිය. ඒත් සල්ලි ලැබෙන්න ලැබෙන්න සැප වැඩි වෙලා වෙන වෙන සතුටවල් හොයන් ගිහින් මගේ ජීවිතේ ගෙදර මිනිස්සුන්ට මූන දෙන්නවත් බැරි වෙලා දැන්. මට දැන් ජීවත්වෙන්න බෑ ජීවිතේ මට තව දුටජීවත් වෙන්න දෙන්නෙත් නෑ" කියල ඌ ඔලුව ගහගෙන හෝගාල ඇස්වලින් කඳුලු බේරෙනව මචන්. මම කිවුව උන දේවල් වලට දැන් දුක් වෙලා වැඩක් නෑ අංකල් ජීවත් වෙලා ඉන්න ටික කාලෙට පවුලෙ අයත් එක්ක සතුටින් ඉන්න කියල. ඌ කියනව බොහොම ඉස්තූතී පුතා මාත් එක්ක මෙතනට වෙලා කතා කර කර මගේ දුක අහපු එකට ඔයාගෙ තරුන ජීවිතෙත් මම වගේ නාස්ති කරගන්න එපා කියල. 
මම ඌට යන්නම් කියල ආව බන් එතනින් යාලුවෝ ඉන්න තැනට. ඌත් විනාඩි දෙකකට විතර පස්සෙ එතනින් ගියා.
මචන් මම උගේ දේවල් අහන් හිටිය මිසක් දුක නැතිවෙන්න සනැසුවෙ නැති උනාට මිනිස්සු ලෝකෙට පේන්න කොචර සල්ලිකාරයො විදිහට ජීවත් උනත් ඒ අයගෙ ඇත්ත තත්වය වගේම සල්ලි වලින් මුලු ජිවිතේම අවුල් යන විදිහ ඉගෙනගත්ත  

No comments:

Post a Comment

මට බනින්න ඕනෙද? මගේ ගුණ කියන්න ඕනෙද? මාව වට්ටන්න ඕනෙද? මෙන්න නියම චාන්ස් එකක්. ගල් මුල් වගේම මල් වැල් ඕන දෙයක් බාර ගන්නවා. වචන දෙකක් කෙටුවත්. ඒ වචන දෙක මට ලොකු හයියක්...

සුබ :)