හතර පෝයටම සිල් ගත්තට පස්සේ, වට්ටි ගණන් මල් කඩල පූජා කලාට පස්සේ, පොල් තෙල් බවුසර් පිටින් ගෙනල්ල රෙදි යාර ලක්ෂ ගණන් ගෙනල්ල පහන්තිර ඔතල බුදුන්ට පහන් පත්තු කලාට පස්සේ නූතන බෞද්දයා නිවන් දකිනවද?
කියල මටනම් ප්‍රශ්නයක්. හදවතින්ම බෞද්දයෙක් උනත් බුදු දහම මගේ ආගම උනත් මේක නොකියම බැරි තත්වෙට පත්වෙලා තියෙන්නේ සිල් අරන් ඇවිල්ල රැට ගමේ තියෙන ඔපාදූප කතාකරන සිල්වත් උපාසක අම්මල උපාසක මහත්(හොරු) දකිද්දී. රටට ලෝකෙට පෙන්න උදේට සිල් අරන් හවසට කන්න මස් මාළු හොයන පින්වත් ජාතිය දකිද්දී දොහොත් මුදුන් දීල අනේ සාදු... සාදු... කියවෙන්නේ ඉබේටම. පන්සලට ගඩොලක් සිමෙන්ති කොට්ටයක් පූජා කලත් ඒ පින් අනුමෝදම් වෙලා මේ බවයේ විතරක් නෙවේ ලබන ලබන හැම ආත්ම සසරකදිම දුක් නොවෙන්න කියල රටට අඩබෙර ගහන එක බෞද්දකමද?
"දුරං ගමන්-එක චරංඅසරීරං-ගුහාසයන්යෙචිත්තන් සංයමෙස්සන්තිමොක්කන්ති මාර බන්දනා"
බුදු දර්මයෙන්ම හරි ලස්සනට පවසල තියෙන විදිහට දුර ගමන් යන තනිව හැසිරෙන මනස නමැති ගුහාවේ වාසය කරන මේ සිතට අනු කුලව අනු ප්‍රකාරව තමා මේ මිනිස් ජිවිතේ හැමදෙයක්ම තීරණය වෙන්නේ. නුතන බෞද්දයාටත් එක පොදු දරමතාවයක්. ඉතින් හිත කියනවනම් මේක කරපන් කියල කරන එක මනුස්ස ගතියක්නෙ? මේ හිත පාලනය කරන විදිහ බුදු දහම ඇතුලෙම හරි ලස්සනට බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියනවා. නුතන බෞද්ද සමහරු මේ හිතෙන් උපදින ශ්‍රද්දාව නිසා මුලාවට පත්වෙලා. ශ්‍රද්දාව වැඩි කියල පෙන්නන්න යන සෝබන පිරි සමාජේ මෙහෙමයි එක නිසා අපිත් මෙහෙම කරමු කියල එල්බගෙන ඉන්න ජාතියක් බවට අද නුතන බෞද්දකම පත්වෙලා.
වෙසක්. පොසොන්, ඇසල කියන මේ තුන් පෝයටත් බාර් ගානේ රස්තියාදු වෙලා හවසට බයිට් එක ඉල්ලලා ගෙදර ඈයෝ එක්ක රැඳු කරලා ලෝකෙට පෙන්න ලක්සෙට කොඩි දාල පන්සල් වල ලගින උපාසක මහා දායකයෝ රටට ජාතියට මහත් සම්පතක් කියල හිතන සමාජයක් නුතන බෞද්දයන් තුල අද බිහි වෙලා. " උන් කෙරුවම අපි මොකෝ " කියල කරන හරක් වැඩ කරන අපි හිතන සමාජෙත් එක්ක මේ හිත් මතු උන කසල වලින් ක්ෂේදනය වෙද්දී බුදු දහමෙන් සරලව පවසල තියන සත්‍ය රියලිටිකරණය වෙනවා.
බස් එකක යද්දී පන්සලක් පිළිමයක් දැක්ක තැන නැගිටලා අනිත් මිනිස්සුන්ට තමන්ගේ ශ්‍රද්දාව පෙන්නන්න පුරුදු වෙලා. ගොඩක් මිනිස්සු සෝබනේට වෙන්න පුළුවන්, පෙනුමට නැත්නම් හිතේ තියෙන ගෞරවයටම මෙහෙම කරනවා කියල හිතමුකෝ. එහෙනම් නාග ලෝකයෙත් බුදු පියාණන්ගේ ශ්‍රී දාතු තැම්පත් කරලා තියනවා, මේ නිසා අපිට පොළොවේ පය ගහල ඉන්න බැ. දිවය ලෝකෙත් දාතු තැම්පත්ව තියනවා, මේ නිසා අපිට හිටගෙන ඉන්න බැ. මේ සිරි ලංකාව හතර වටේටම පන්සල් බුදු පිළිම බෝධීන් වහන්සේලා වැඩ ඉන්නවා. මෙහෙම බැලුවොත් මේ ජිවිතේ තියනකම් අපිට හිට ගන්නේ නතුව හැරෙන්නේ නැතුව ජීවත්වෙන්න තියෙන්නේ. මේ කියන මතය මේක කියවන අයට විරුද්ද වෙන්න පුළුවන්. එක තාම මිනිස් සිත කියන්නේ. මනුස්සයන්ගෙන් මනුස්සයට වෙනස්. කෙනෙක්ට හොද දෙ තව කෙනෙක්ට නරකයි. කොහොම උනත් බුදු දහමේ පවතින ශ්‍රද්ධාව තියෙන්නේ මිනිස් සිත තුල. ඒ කියන්නේ ඇතුලේ. පිට ඔපයට සමාජයට පෙන්න දගලන එක මම මෙහෙමය කියල දගලන එක ශ්‍රද්දාවට එහා ගිය තාම ස්වාර්ථය ආථ්මාර්ථකාමී බලය ලෝබය පදනමින් ගොඩනැගෙන බව නනත්තාර අකුරුවල හර්ද සාක්ෂියක්...
ධර්මය පිළිපදිනවනම් දොහොත් මුදුන් දීල නොවැන්දට කමක් නෑ. ආමිස පූජාවට මුල් තැන දීලා ප්‍රතිපත්ති පූජාව අමතක කරල ඉන්නෙ. බෝගස් වුනත් පන්සල් වුණත් ගහක් ගලක් ගානෙ වැව්වාම/හැදුවාම කුකුල් කරමලේ වගේ වෙනවා. පල්ලි වුණත් එහෙමයි.
ReplyDelete(මම නම් බස් එකේ සීට් එකෙන් නැගිටින්නෙ නෑ, මොකද සීට් හම්බවෙන්නෙ නැති නිසා :ඩී)
අනිවාර්යෙන්ම :)
Deleteශ්‍රද්ධාව වැගිරෙනවා හුගක් අයගේ..
ReplyDeleteශ්‍රද්දාව වැඩි වෙලා :v
Delete