Wednesday, April 29, 2015

.....වෙසක් කතාව.....

අම්මේ.... අම්මේ... හෙට අම්ම සිල් ගන්න එහෙම යනවද? වෙසක් පෝය දවසට පෙහෙවත් සමාදම් වෙනවා කියන්නේ කොච්චර ලොකු පිනක්ද?.. " වෙසක් දවසට කලින්දා තම මෑණියන් කඩිමුඩියේම පෙහෙවත් සමාදම් වීමට සැරසෙනු දුටු සුමනා ඇසුවේ මව දැන් දැන් පිනට නැබුරු ඌ බව හැගෙන නියාවෙනි...


" ඔව් ඔව් දුවේ රට පුරාම දන්සල් බාවනා පින්කම් සංවිදානය වෙන්නේ බුදු තෙමගුල සමරන්නනේ... අපිත් වෙසක් දවසට දැන් දෙන එක සිල් රකින එක බොහොම පිනක්.. "


" මොකද්ද ආච්චියේ දන් දෙනවා කියන්නේ? " එවර පොඩි පුතු ගෙන් ප්‍රශ්නයකි.


" දන් දෙනවා කියන්නේ මගේ පුතේ නැති බැරි යට අපට ඇති හැකි අයුරින් තියන විදිහට පරිත්‍යාග කරන එකනේ... එක මෙලොවටත් පරලොවටත් උතුම් බොහොම පින් ලැබෙන සත් ක්‍රියාවක්.... පුතත් ලොකු උනාම දැන් දෙන්න පින් රැස් කර ගන්න පුරුදු වෙන්න ඕන... "


" ඇයි ආච්චියේ ලොකු උනාම විතරක් පින් රැස් කරගන්න ඕන.... "


"උබත් මහා පැහිච්ච සීයා.... ඒ උනාට අම්මේ දැන් ලංකාවේ බුදු සාසනේ නම් ගොඩක් පිරිහිලා නේද? මම ලගදී දවසකත් දැක්ක හාමුදුරුවරු වගයක් සිවුරු කරේ තියන් ලොකු උද්ගෝශනයක ඉන්නවා.... " තම පොඩි පුතුගේ කතාව නුරුස්සමින් මවගේ හිත පරුනාදොයි සිතමින් සුමනා කීවාය.


" අපිට මිනිස්සු හදන්න බැනේ බන් අපි හැදෙන්න ඕන... දන් පින් රැස් කරගත්තොත් අපිට... හැම වෙලාවේම දන් දෙන එක තමා උතුම්ම දේ.... "


" ආච්චියේ හෙට පන්සල් ගෙනියන්න කියල මල් ටිකක් කඩාගන්න කියල හැදුවේ මේ ගහේ මල් පිරිලා... "


" අපෝ උබලගේ ඇස වහ... උබලටත් ඉතින් මල් කඩා ගන්න අපේ ගහමනේ ඕන උනේ... මේ ගමේ වෙන ගස් නැතුවට....  "




- අවසානයි -



" බ්ලොග්වාසී ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා "

11 comments:

  1. පින් රැස් කරගන්නවා වගේද ශාසනේ වෙනුවෙන් පාරට බහිනවා කියන්නේ?

    ReplyDelete
    Replies
    1. ehenam ekath kochchara loku pinakda

      Delete
    2. පින් රැස් කරනවට වඩා දැන් කෙරෙන්නේ එවමනේ :)

      Delete
  2. එසේම වේවා!
    උපාසකම්මලා ගැන මාත් ලිව්වා ටික දොහකට කලිං.
    http://madhumadhavi135.blogspot.com/2014/11/blog-post_1.html

    ReplyDelete
    Replies
    1. මම ඕක බැලුව වෙනස්ම උපාසක අම්මල ගැන වෙනස්ම අදහසක් :) ජයවේවා

      Delete
  3. හොරාගේ ආච්චි ගැන නේද මේ කියන්නේ සාදු සාදු සාආආආආආ...... _/\_

    ReplyDelete
    Replies
    1. අපේ ආච්චිත් මෙහෙමම කියනවා තමා වත්තේ අබ ගහට ;)

      Delete
  4. අම්මපා ඔය වයසක අාච්චිලාගේ සිලේ ඔහොම්මම තමා........

    ReplyDelete
  5. සෙරෙප්පු දෙකත් හොඳටම ගෙවිලා ලබන පෝයටවත් පංසල පැත්තෙ යන්නෝන අලුත් දෙකක් දාගෙන එන්න

    ReplyDelete

මට බනින්න ඕනෙද? මගේ ගුණ කියන්න ඕනෙද? මාව වට්ටන්න ඕනෙද? මෙන්න නියම චාන්ස් එකක්. ගල් මුල් වගේම මල් වැල් ඕන දෙයක් බාර ගන්නවා. වචන දෙකක් කෙටුවත්. ඒ වචන දෙක මට ලොකු හයියක්...

සුබ :)