Wednesday, April 15, 2015

..... සමාජයේ තිත්ත ඇත්ත......


මුලින්ම කියන්නම් කතාවක් කියල අර්ථකථනය දෙන්න එපා මොකද මේක කතාවක් නෙවේ.... සමාජයේ ගොඩක් සල්ලි තියෙන මනුස්සයෙක්ගේ නොදකින නොපෙනෙන පැත්තක්....



දුප්පත් මනුස්සයෙක්, ඉගෙනගන්නවා විබාග පාස් වෙනවා. ඩිග්රි ගහනවා. හොද රස්සාවක්, සමාජේ සැලකිය යුතු තැනක් ලැබෙනවා. ටික කාලයක් යද්දී කෙල්ලෙක් සෙට් වෙලා කසාද බදිනවා. විසි කරන්න සල්ලි ලැබෙනවා. යාන වාහන හම්බ වෙනවා. කසාද බැදිමේ ප්‍රතිපලයක් විදිහට දරුවෙක් ලැබෙනවා. කෙල්ලෙක් කොල්ලෙක්. සතුටක් දැනෙනවා. තව සල්ලි හම්බ කරනවා. දරුවා ටික ටික ලොකු මහත් වෙනවා. මොන්ඩිසොරි යනවා. 

" දැන් අපේ පුතා / දුවව හොද වැදගත් ඉස්කෝලෙකට දාන කාලේ හරි. "

ඉන්ටර්නැෂනල් ස්කුල් දානවා. දරුවා ටික ටික ලොකු වෙනවා.

 " මට වැඩ වැඩි ළමයව වැන් එහෙකට දාන්න ඕනේ / ඩ්‍රයිවර් කෙනෙක් අරන් ඉස්කෝලේ යවන්න " 

ළමය ලොකු වෙනවා තේරෙන වයසට එනවා. කෙල්ලෙක්නම් 

" දුව දැන් ලොකුයි ෆෝන් එකක් අරන් දෙමු " 

හොදම ෆෝන් එකක් අරන් දෙනවා. කොල්ලෙක්නම් වාහනයක් අරන් දෙනවා.

 කෙල්ල වැන් ඩ්‍රයිවර් එක්ක යාලු වෙනවා. මේ ලෝකේ හැම සතුටක්ම හැම සැපක්ම තියෙන්නේ වැන් ඩ්‍රයිවර් ගාව කියල හිතල අවුරුදු 36ක 38ක විවාහක වැන් රියදුරුට කාටවත්ම නොකිය තමන්ගේ ජීවිතේම උගස් තියනවා. 

කොල්ල අරන් දෙන වාහනේ සහ යාළුවන් එක්ක හිතු හිතු දෙ කරනවා. ක්ලබ් ගානේ පාටි ගානේ ගිහින් මේ මුළු ලෝකෙම සැප එතනයි කියල්ල හිතල පාටි දානවා. වෙන දේවල් එක්ක HIV සමාජ රෝග. ඒ ගැන හිතලම ඩ්‍රින්ක්ස් ගන්නවා. අලුතෙන්ම අරන් දුන්න සපෝර්ට් කාර් එකේ 250kmh වේගෙන් යනවා. ජිවිතේ මහමග.

අම්මල දුක් වෙනවා වැලපෙනවා. කවුද වැරදි??? සමාජ ක්‍රමේද? ආණ්ඩුවද? හිතන විදිහද? සල්ලිද? තත්වේද?

තවත් අපේ වැඩක්. කට්ටියම සෙට් වෙමු  සයිබර් සිහින බක්මහ උළෙල 2015 

8 comments:

  1. ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක් තමයි. සමාජ ක්‍රමේනම් අඩුපාඩු හදන්න හැමෝටම එකට ක්‍රියාකරන්න වෙනවා. සමාජයේ දුර්වලකම් හඳුනගෙන හරියට ඒව පිළිගන්න එක වඩා වැදගත්.

    ReplyDelete
    Replies
    1. Aniwaryenma. Eka Wage Wada karanawanam samage boho prashna wisadebawa

      Delete
  2. හම්මේ සමාජ ප්‍රශ්නයකුත් අරං අවුරුද්දට ගොඩ බැහැලා යංතං.
    මේ අන්තිමට කියලා තියෙන්නෙ එක්තරා කුමාරවරු කණ්ඩායමක් ගැනනෙ.

    ReplyDelete
    Replies
    1. Me dawas tike podi podi karadara wagayak una. ekai enna bari une. :)

      Kumarawarunge thawath wadak :D

      Delete
  3. සල්ලි තිබුනට වුවමනා දේවල් අරන් දුන්නට අයාල යන්න නොදී පාලනය කර ගන්න පුළුවන්නම් ඔය ප්‍රශ්ණ නැහැ..

    ReplyDelete
  4. වැදගත් ප්‍රශ්නයක් :)

    ReplyDelete

මට බනින්න ඕනෙද? මගේ ගුණ කියන්න ඕනෙද? මාව වට්ටන්න ඕනෙද? මෙන්න නියම චාන්ස් එකක්. ගල් මුල් වගේම මල් වැල් ඕන දෙයක් බාර ගන්නවා. වචන දෙකක් කෙටුවත්. ඒ වචන දෙක මට ලොකු හයියක්...

සුබ :)