Thursday, February 5, 2015

.....සල්පිලේ පොඩි එකා.....



ඔන්න ඉතින් හා හා පුරා කියල මගේ අහිංසක බච්ච කාලේ කතාවක් කොටන්න හිතුවලු හොදේ.. මන් කියන්නේ මේකට කුප්ප කමක්ද කපටි කමක්ද කියල මට තාමත් හිතා ගන්න බැ....
මිට අවුරුදු දහතුනකට වගේ ඉස්සර මට මතක විදිහට මම එතකොට පහ වසරේදී වගේ. මම ආසම කෑමක් තමයි මාශ්මිලොස් කියන්නේ. තාත්තගේ අතේ එල්ලිලා යද්දී ඉස්කෝලේ ලන්වෙනකොටම රුපියල් දහයක් විස්සක් ඉල්ලගන්නවමයි මාශ්මෙලොස් කන්න. තාත්තාත් ඉතින් මම ඕක ඉල්ලනවමයි කියල දන්න නිසා ඉස්කෝලෙට ලං වෙනකොටම සාක්කුවට අත දාල සල්ලි අරගෙනමත් ඉවරයි. මට අද වගේ මතකයි ඉස්සර අපේ පන්ති බාර මිස්ම තමයි පොඩි පන්තිවල විනය බාර. මම පට්ට බයයි. මිස් පන්තියට එද්දී අපි පන්තිය ඇතුලේ හිටියේ නැත්නම් අපි ඉවරයි. හැබැයි මම දැන් ඒ ලෙවල් ලියල ඉවර වෙලා දැන් ජොබ් එකකුත් කරනවා. පොඩි කාලේ හිටපු ඒ මිස් තරම් මතකෙට එන මිස් කෙනෙක් තවත් මිස් කෙනෙක් මුළු ඉස්කෝලෙම නැහැ. ඉස්සර අපිව හදන්න නපුරු උනාට පස්සේ තමා දැනගත්තේ ඒ තරම් කරුණාවක් දැකලම නැහැ කියල.

දවසක ඔය මිස් ඉන්නකොටම තාත්තාගෙන් රුපියල් විස්සකුත් අරගෙන කැන්ටිමෙන් මාශ්මිලෝ අරගෙන පරක්කු වෙන නිසාම කටේ පුරවාගෙන පන්තියට දිවුව. හපන්න වෙලාවක් තිබුනේ නැ පරක්කු වෙලා නිසා. ඕක කටේ තියනවා දැකපු මිස් මගෙන් ප්‍රශ්න වගයක් ඇහුව..

මිස් : මොනවද ඔය කටේ?

මම : [ මේ ටික කියනකොට මගේ කටේ මාශ්මිලෝ පුරවල එකයි. හරියට කතා කර ගන්නවත් බැ. ] මුකුත් නැ මිස් :(

මිස් : බොරු කියන්න එපා මම දැක්ක අද තාත්තාගෙන් සල්ලි ඉල්ලන් කැන්ටිමට දුවනවා. කට අරිනවා බලන්න. මොනවද මේ සුදු පාට කුඩු?

මම : [ මට දැන් පට්ට අවුල්. එක අතකින් කියපු බොරුව වහගන්න බැ. අනිත් අතින් පන්තිය ඉස්සරහ උන බයිට් එක. තව අතකින්  කටේ තියෙන මාශ්මිලෝ ටික නිදහසේ කා ගන්න විදිහක් නැ ] :( මාශ්මිලෝ මිස් ආයේ පන්තියේ වෙලාවේ කන්නෙම නැ. 

මිස් : හා... හා.... කමක් නැ ආයෙත් බොරු කියන්න බැ. ලබන සතියේ සති පොලට මාශ්මිලෝ පැකට් දෙකක් ගෙන්න ඕනේ දඩුවම හැටියට. දැන් ඔය කුඩු ටික පිහිදාගෙන හිර කරගන්නතුව කාල පන්තියට යන්න.

ඉස්කෝලේ ගියපු හැම කෙනාම දන්නවා ඉස්කෝලේ සුබ සාදක සමිති අර සමිති මේ සමිති වලට ආධාර එකතු කරන්න අවුරුදු පාසා තියෙන පොළ. අපිම බඩු අරගෙන ගිහින් අපිම විකුණලා අපිම බඩු අරන් අපිම හැමදේම කරලා ඉස්කෝලෙට දෙන්න ඕනේ. මට නම් ඒක ඉස්සර ඉදන්ම එක අතකින් ආතල් එකක්. මොකද සතියක් විතර ඉස්කෝලේ යන්නේ නැතුව නැත්නම් ඉස්කෝලේ ගියත් ඉගෙන ගන්නේ නැතුව ඉන්න පුළුවන්. මොකද ඉස්කෝලෙම පොලේ සිරි උසුලලානේ. හැබැයි එක අතකින් විකාරයක්. ඇයි කියලද අහන්නේ. යකෝ අපිම බඩු ගෙනිහින් අපිම විකුණලා අපිම බඩු අරන් ඉස්කෝලෙට දෙන්නේ මොන එහෙකටද? හැබයි මමනම් ඒ ගොන් වැඩේ කවදාවත් කරේ නැ කියාල හරි ආඩම්බරෙන් කියන්න පුලුවන්.

ඉතින් අර කිවුවත් වගේ මම සතියකින් මාශ්මිලෝ පැකට් දෙකකුත් අරන් ඉස්කෝලේ ගියා පොලේ විකුනන්න. පුදපි ගමන් කාපි යකා කියල මම අරන් ගියපු ගමන්ම මිස් " ආ කෝ ගෙනාවද? "  කියල පැකට් දෙකම අරන් පොලට දැම්ම විකුනන්න. මට දැන් හෙන තරහයි. යකෝ මගේ මාශ්මිලෝ පැකට් දෙක මට ගෙනල්ල කන්න විදිහක් උනේ නැති එකට පට්ට අවුල්. ඕන දෙයක් සත දෙකයි පනහයි කියල මම එක අතැරලා ඉස්කෝලේ වටේ රවුම ගැහුවා. නිදහස් දවසෙනෙ.

එක පාරටම අයිය කෙනෙක් ඇවිල්ල මට කියනවා " මල්ලි මල්ලි පොඩි උදවුවක් කරනවා.. මට හදිස්සියක්. තමුසෙට ඕන නම් මේ මාළු දෙන්න අරගෙන මට රුපියල් තිහක් දෙනවා. ලස්සන මාළු දෙන්න. "

මම බැලුව මොකද්ද බන් මට මේ පාත් උන ගිනි ගෙඩිය කියල. බැලින්නම් පට්ට ලස්සන කැට් ෆිෂ් ල දෙන්න. බොරු කියන්න ඕන නැ මම පොඩි කලේ ඉදන්ම තවත් ආස සබ්ජෙක්ට් එකක් තමා මාළු කියන්නේ. උන් දිහා බලාගෙන ඉන්නකොට දැනට උනත් හිතට මාරම සැහැල්ල්ලුවක් තියෙන්නේ. ඉතින් මම දෙපාරක් නොහිතම මාළු දෙන්න ගත්ත. අරගෙන ඉවර වෙනකොට තමා මට මීටර් උනේ යකෝ මට මාශ්මිලෝ කන්න තිබ්බ සල්ලි හැම සන්තකේම මාළු දෙන්නට දිය කරා නේද කියල. මම දැන් හා අතේ කල්පනාව. අනික ඕක උදේ ගෙදරින් දුන්නේ  පොලෙන් මොනා හරි අරන් වරෙන් කියල. මොනා කරන්නද...

ඕක වෙලා විනාඩි පහක් විතර යනකොට ඇන්ටි කෙනෙක් එක වසරේ විතර මල්ලි කෙනෙක් එක්ක ඇවිල්ල මගෙන් ඇහුව...

ඇන්ටි : පුතා ඔය මාළු දෙන්න විකුනන්නද තියන් ඉන්නේ?

මම : [ පට්ට චාන්ස් එක මමත් හිතුවේ කොහොමද සල්ලි හොයා ගන්නේ කියලනේ ] ඔව් ඇන්ටි එක මාළු පැටියෙක්ව දෙන්න කියල තමයි හිත හිත හිටියේ මම :D

ඇන්ටි : එක මාළු පැටියෙක්?

මම : ඔව් ඇන්ටි හෝද මාළු පැටවූ දෙන්න. එකෙක්ව රුපියල් පනහකට දෙනවා... මුන් හරි වාසනාවන්ත වටිනා ජෝඩුව [ එතකොට ඒ මාළු පැටවූ දෙන්න ගැනුද පිරිමිද කියලවත් මම අදුනනේ නැ. කොහොමහරි ඒ වෙලාවේ හැටියට ජෝඩුවක් උනා ]

ඇන්ටි : අනේ පුතේ එකෙක්වනම් හරියන්නේ නැ. මගේ පොඩි එකාගෙන් හරි වදේ මාළු පැටවූ දෙන්නෙක්ව ඉල්ලලා. පුලුවන්නම් දෙන්නම රුපියල් සියකට මට දෙන්න. මම ඔයාට සල්ලි දෙන්නම්.

මම : [ මට නේද මාර තල්ලුව.රුපියල් තිහකට ගත්ත මාළු පැටවූ රුපියල් සියකට විකුනනවා කියන්නේ නිකන්ද? ] මම ඇන්ටි මාළු පැටවූ දෙන්නවමනම් දෙන්න හිතුවේ නැ. හැබැයි ඇන්ටි ඔච්චරටම කියනවනම් මම දෙන්නම්. මාළු පැටවූ දෙන්න හොදට බලාගන්න ඇන්ටි. මොකද උන් දෙන්න හෙන වටිනා පැටවූ දෙන්න :)

ඇන්ටි : හරි හරි පුතේ. මම හොදට බලාගන්නම් ඔයා කලේ ලොකු උදවුවක්...

ඔන්න ඔහොම කියල මගේ අතට රුපියල් සියත් දීලා. ඇන්ටි ගියා. මට ඉතින් රටක් රාජ්ජයක් ලැබුන වගේ තාමා. මොකද ඒ කලේ වෙනකොට රුපියල් සීයක් කියන්නේ හෙන ලොකු ගානක් මට. ඉතින් එදා ඉස්කෝලේ පොළ වෙනුවෙන් පෙන්නපු " මමී " කියන film එක මමයි තව යාළුවෙකුයි ඒ සල්ලි වලින් බලල. මම තනියම " ඇනකොන්ඩ " film එකත් බලල ඉතුරු උන සල්ලි වලින් හොදටම මාශ්මිලොස් කාලා ගෙදර එන්න ආව.

ඔන්න ඔහොමයි මගේ පොඩි කාලේ මම බිස්නස් කාරයෙක් උනේ. අදටත් මම ආස නැ ඔය බිස්නස් කියන පැත්තට. එත් පොඩි කාලේ කරපු වැඩ මතක් වෙනකොට හිනාවක් වගේම ඒ කාලේ ආයෙත් එන්නේ නැ නේද කියල මත වෙනකොට ඇහැට පොඩි කදුලකුත් එන්නේ මම දන්නෙත් නැතුවමයි.

8 comments:

  1. නමටම ගැලපෙන වැඩ තමා එදා ඉඳං කොරල තියෙන්නෙ... හැක්
    (ඒයි... දැන්නම් බ්ලොග් එක නිකං සරුංගලේ වගේ...ලස්සනයි...පැහැදිලියි)

    ReplyDelete
    Replies
    1. සරුංගලේ කඩල දැම්ම... සරුවාල එල්ලලා වැඩිලු :) ගොඩාක් ඉස්තුති :)

      Delete
  2. අනේ ඉතින් මේවට මොනවා කියන්නද මන්දා..

    ReplyDelete
  3. හි හී මාරු කතාව ...බලද්දී කපටි හොරෙක්නෙ මේ :P :D

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ හැමෝම කපටි අහිංසක කපටි කමක් :D

      Delete
  4. podi ewun ohomamai dawasak mawath anduwa eka podi ekek :/

    ReplyDelete

මට බනින්න ඕනෙද? මගේ ගුණ කියන්න ඕනෙද? මාව වට්ටන්න ඕනෙද? මෙන්න නියම චාන්ස් එකක්. ගල් මුල් වගේම මල් වැල් ඕන දෙයක් බාර ගන්නවා. වචන දෙකක් කෙටුවත්. ඒ වචන දෙක මට ලොකු හයියක්...

සුබ :)