Wednesday, February 25, 2015

.....රෑ ජාමෙට හොල්මනකට හසු වී.....




කාලෙකින් කතාවක් කියපු නැති හින්ද නිකමට වගේ මට වෙච්ච සින් එකක් කියන්න කියල හිතුන. හොල්මන් ගැන සමහර අය අහලත් ඇති. සමහර අය අහල නැතුවත් ඇති. අහල තියෙන අයට සහ අහල නැති අයට දෙගොල්ලොන්ටම කියවන්න මම කතාවක් දාන්නම්. මේක මට උන දෙයක්.
සමහර අය හොල්මන් විශ්වාස කරනවා. සමහරු විශ්වාස කරන්නේ නැ. එක එක්කෙනාගේ ආගම් අනුව මත අනුව සහ තමන් ලද අත්දැකීම් අනුව. මම ගැන කිවුවොත් අයත් වෙන්නේ හොල්මන් කියන එක විශ්වාස කරන්නේ නැති කොටසට. මොකද කිවුවොත් මම හොල්මන් කියන බලවේගය හරි ජිවයෙක් හරි චායාවක් හරි මම දැකල නැති නිසා.

සමහරු හොල්මන් වලට මායම් බලවේග එක පෙර ආත්මේ දේවල් තමන්ගේ නෑයන්ගෙන් එන දේවල් වගේ එක එක දේවල් කියනවා. ඒ අයගේ අත්දැකීමේ හැටියට. දැනීමේ හැටියට. මම අනුගමනය කරන දර්ශනයට අනුව මගේ ශාස්තෘවරයා වන බුදුරජාණන් වහන්සේ හොල්මන් කියල දෙයක් ගැන කියල තියෙන්නේ මිට හාත්පසින්ම වෙනස් අදහසක්. තමන්ගේ ආත්මය ශරීරයේ නික්මුනාට පස්සේ තවත් ශරීර කලලයක් සොයා ගන්නකම් මේ අපි අවට සරි සරනවා කියලත් ඒවා අමනුෂ්‍ය ආත්ම කියලත් සමහර විට පෙනිය හැකි බවත් ( හිත දිවුණු කල යට ) මම හොල්මන් ගැන විග්‍රහයක් නෙවේ කියන්න ආපු කතාවට යන්නම්.

දවසක් මම මොකක් හරි වැඩකට ගිහිල්ල එන ගමන් හිටියේ. හදිස්සි වෙලා ගියත් එනකොටනම් එච්චර හදිස්සියක් තිබුනේ නැති නිසා වෙනද වගේම වට පිට බල බල පාරේ හම්බ උන වඩේ විකුණන මනුස්සයෙක්ගෙන් වඩේ ගොට්ටකුත් අරන් කකා ආවේ. එන ගමන් එක පාරටම පාරේ බිම බැලුන. අහම්ම්බෙන් වගේ. මාලයක්. පට්ට මාලෙ. රත්තරන් නම් නෙවේ දුබුරු පාටට හුරු ඇට මාලයක් කිවුවොත් හරියටම හරි. ඕක දැක්ක ගමන් මට හිත ගියා. ඒ තරමට මට හිතට අල්ලන විදිහට තිබුන මාලේ. ඒ ආසාවත් එක්කම මම මාලේ අහුලා ගත්ත. මාලෙ අහුලනව දැකපු පාරේ හිටපු මිනිස්සු දෙන්නෙක් විතර අමුතු විදිහට මම දිහා බලල හිනා උනත් මාලෙට ආසාව නිසා මට ඒක එච්චර ගානක් උනේ නෑ. මම හිතුවෙ ඒ හිනා උන මිනිස්සුන්ට  ඒක අහුල ගන්න බැරි වෙච්ච නිසා අමුතු විදිහට බලන්න ඇති කියල. ඒ තරමට මට මාලේට පිස්සු වැටිලා හිටියේ.

හැබැයි මට පස්සෙ තමා වැඩේ මීටර් උනේ. ඒ මාලෙ අහුලල අතට අරන් විනාඩි පහක්වත් ගියේ නෑ ආව නේද ඔලුවෙ කැක්කුමක් ආයෙ එපාවෙලා යන්නම. ඒ වෙනකම් කිසිම ලෙඩක් තියා කිමුහුමක්වත් ගියපු නැති මට ඔලුව කැක්කුම ආවම හිතන්නවත් වෙලාවක් තිබුනේ නැ. හරියට මාස ගානක් එක දිගට තඩි ගලකින් ඔලුවට ගහල වගේ. හිටගෙන ඉදිද්දි මුලු ලෝකෙම කැරකෙනව. මිනිස්සු නිකන් පාවෙනව වගේ. හෙන අවුල්. කොහොමහරි හිමින් හිමින් ගෙදර ආව කියමුකො. නාල කන්න කියල හැදුව කන්න තියා හිතන්නවත් බෑ.

පස්සෙ පස්සේ ටිකක් වෙලා ඉදල වැඩ කරන්න කියල හදනකොටම පිටි පස්ස පැත්තෙන් සද්දයක් ආව. හෙන අමුතුයි ටික වෙලවක් අහන් ඉන්නකොට සද්දෙ ටික ටික වැඩි උනා. නිකන් පූසෙක් කෑ ගහනව වගේ. පිටිපස්සෙ දොරට මගේ කාමරෙත් ලගනිසා මට හෙන අවුල්. මොනා උනත් දෙකයි පනහයි කියල සද්දෙ මොකද්ද බලන්න දොර ඇරගෙන එලියට ගියා. පිටි පස්සෙ ලයිට් නැති නිසා කලුවර එකේ උපරිම අඩු තරමෙ හද එලියක්වත් නෑ. ගෙදර හමොමත්ම නිදි. එතකොට මම හිතන්නේ රැ එකොළහත් දොළහත් අතර කාලයක්. හිත ගන්න පුළුවන්නේ ඒ වෙලාවට මිනිස්සු තියා සතෙක්වත් ඇහැරිලා ඉන්නේ නැ. තාම තමන්ගේ දවසේ වැඩ කරලා මහන්න්සි උන මිනිස්සු හොදටම නිදි.

මම කෝකටත් කියල සොදිසියෙන්ම හිටිය. අර සද්දෙත් තව තව ලන් වෙනව වැඩි වෙනවා මිසක් අඩුවක් නෑ හොදට බලනකොට වහල දකුණු පැත්තේ කොනෙන්ම වගේ නිකන් රෙද්දක් වගේ දෙයක් වැනෙනව පෙනව. මම හිතුවේ සුළගට කාගේ හරි ගෙදරක් වනපු රෙද්දක් වහලෙට පාවෙලා ඇවිත් වැනෙනවා කියලා. ඒත් අර සද්දෙත් ආවෙ ඒ පැත්තෙන්ම නිසා මට දැන් බයත් එක්ක. බොරු මොකටද ඕන එකෙක්ගේ ඒ වෙලවෙදි හිතට අවුල්. හාටැටෑක් කාරයෙක්නම් එතනම පිලමන්ට් එක පුපුරල මැරෙන්න වෙනව ඩෙෆා. හොදට මම ටිකක් හිත හයිය කරන් ටිකක් වෙලා බලාගෙන තව තව ඉස්සරහට ගියා.

මගෙත් හෙන හිතුවක්කාර පුරුද්දක් තියනවා මොකක්හරි කුතුහයක් තියනවා එක ලගට ගිහිල්ල බලල ඔබල නැත්නම් ලිහල හරි හිතේ තියෙන කුතුහලය නැති කර ගන්න ඕන. පොඩි කාලේ ඉදන්ම එක පුරුද්දට ගිහින්. හරි හරි දැන් ආයෙත් කතාවට යමුකෝ.

ඕක බලාගෙනම ඉස්සරහට හිමින් හිමින් යද්දී එක පාරටම දඩාන් ගාල සද්දයක් එක්කම ඔලුව පුරෝල මොකක් හරි වැදුන කියල මතකයි. ඔලුව උඩ ටිකක් රිදෙන්නත් ගත්ත. ඇස් දෙකත් කැරකෙන්න වගේ ගත්ත සුදු පාටට වගේ ඉස්සරහ මට පෙන්නේ. ඒ තරමට පාර සැරයි. මට දැන් හෙන අවුල් මොකද්ද උනේ මට කියල. මම පස්සෙ ටිකක් වෙලා නැවතිල නිවීහැන්හිල්ලේ කල්පනා කරලා  බැලුව මොකද්ද මට උනේ කියල. බැලින්නම් අර මාලෙ අතේ තියන් පාරෙ කල්පනා කර කර ආපු මම කනුවක හැපිලා. බලහන් කල්පනාවක තරම. කොච්චර දුරකට හිත අපේ ගෙනියන්න පුලුවන්ද කියල බොහොම චුටි දේකින්. හොදම වැඩේ කියන්නේ මට එහා පැත්තෙන් ආපු අක්කල දෙන්නෙකුයි අන්කල් කාරයකුයි තරගෙට හිනා වෙනව මට වෙච්ච සීන් එක දැකල. මම ඉතින් මට මුකුත් එතන උනේ නැ වගේ පාඩුවේ ඉතුරු වෙච්ච වඩේ ටිකත් කකා දෙපැත්ත බල බල ආව. මාලේත් සාක්කුවට දාගෙනම. :) :)

17 comments:

  1. Replies
    1. බොහොම ඉස්තුති ඒ වගේම බ්ලොග් එකට සාදරයෙන් පිලිගන්නවා :)

      Delete
  2. Replies
    1. හැක හැක බෙර ගත්ත අනු නවයෙන් :D

      Delete
  3. රෙද්ද මොකක්ද කියලා නෑනෙ. සමාවෙන්න, පැහැදිලි මදි වගේ.

    ReplyDelete
    Replies
    1. anthimata dala thiyenne hitha hitha apu ekak kiyala reddak gana adala wenne na :)

      Delete
    2. අන්ත්මට කියල තියෙන්නේ මම උන ඇත්තටම දැකපු හොල්මනක් නෙවේ අර මාලේත් එක්ක හිත හිත එනකොට හිත ගියපු දුරක් නිසා වෙච්ච සින් එකක් කියල :D

      Delete
  4. වඩේද ඔළුවද කියල මීට පස්සෙ කම්පනා කොලා නං හරි හිහි

    ReplyDelete
    Replies
    1. වඩේ ගැන කල්පනා කරනකොට වෙන ඒවා කල්පනා වෙන්නේ නැති එකනේ වැඩේ :D

      Delete
  5. phd එක බරපතලද

    ReplyDelete
  6. oluwata ehema barapathala Athi ne :v

    ReplyDelete
    Replies
    1. වැදුනට පස්සේ තමා හරියටම හරි ගියේ :D

      Delete
  7. දෙවෙනිපාරත් ආයේ කියෙව්වම තමා කතාව තේරුනේ හි හී ... ඔලුව යහතින් තියනවා ඇති නේ .. ;)

    ReplyDelete
    Replies
    1. ඒක තියනවා යහතින් යන්තමින් :D

      Delete

මට බනින්න ඕනෙද? මගේ ගුණ කියන්න ඕනෙද? මාව වට්ටන්න ඕනෙද? මෙන්න නියම චාන්ස් එකක්. ගල් මුල් වගේම මල් වැල් ඕන දෙයක් බාර ගන්නවා. වචන දෙකක් කෙටුවත්. ඒ වචන දෙක මට ලොකු හයියක්...

සුබ :)