Wednesday, October 29, 2014

....නන්නත්තාර ආත්මයක හුස්ම කතාවක්....





ෆැන්ටසි හිනයක තනි වෙලා ඉන්නකොට මටත් මොකද්දෝ මන්ද තිබුන මෙවුව එහෙකට බ්ලොග් එකක් කියල එකක් ලියන්න හිතුනලු.... යකෝ බැලින්නම් මේකනේ වැඩේ.. මේක ලියනකොට ලියපු උන් ලියපුව කියවනකොට අර ෆැන්ටසිය ෆැන්ට බෝතලයක් තරමටවත් වටිනා මල තොප්පියක් නෙවේ කියල හිතුන සිරාවට. ඉතින් හදල ගලපලා නැලවිල ලියන්න හිතින් දහසක් දේ පිටාර ගලනවා. හිතේ වචන ගොඩක් කියාගන්න බැරුව හිත යට කෑ කෝ ගහනවා... මොනවද තවත් කතා මලයෝ නගෝ මේ තියෙන්නේ පතාර සයිස් බ්ලොග් රාජයෙක්ම ඇත දිගැරල ලියනවනම් ලියන්න. ලියමු ලියමු කිවුවලු...

තව බලන්න...හද පතුලෙන්ම නැගෙන ආතල් එක ලල් එක ලියන්න කොළ බොක්කෙන්ම සප දුන්න, සුබ පතපු, කකුලෙන් ඇදපු, හිතින් බැනල නෙතන් හිනා උන තව තව අනෙක විද ආතල් කොටියක්ම දුන්න කස්ටියට එකෙන්ම බොහොම ඉස්තුතිය ඈ.. මගේ ලියන නොලියන හැම වචනයක් ගානෙම රැවූ දෙන්නේ ඒ බොක්කවල්වල උණුහුම රස්නේ. හීතලට බය වෙච්ච පොඩි එකෙක් ඒ රස්නෙන් නව පණක් ලබනවා. උණුහුම් වචන හිතල පපුවකට ගොඩක් වටිනවා... එහෙනම් මේ පොඩි එකාටත් අවසර නන්නත්තාර උණු වචන ටිකක් හරිගස්සන්න

No comments:

Post a Comment

මට බනින්න ඕනෙද? මගේ ගුණ කියන්න ඕනෙද? මාව වට්ටන්න ඕනෙද? මෙන්න නියම චාන්ස් එකක්. ගල් මුල් වගේම මල් වැල් ඕන දෙයක් බාර ගන්නවා. වචන දෙකක් කෙටුවත්. ඒ වචන දෙක මට ලොකු හයියක්...

සුබ :)