Saturday, January 31, 2015

.....දුමක දැල්වෙන මිනිස් ජිවිත.....



"නිකොටින් කාබන් හොද නැ පපුවට
ලී මත ජිවිත වැලලෙයි පොළොවට
ලාබෙට මුදලට පිළිකා ගත්තට
මුදලට හැකිවේද පිළිකා නැසුමට
කප කප දල්ල ඉවතලයි දඩු ටික
සුදු පාට කොලයේ දිග අතට ඔත ඔත
මවුකිරි බිවු කටින් විස මල උරද්දී
අම්මල වැළපෙයි මචන් උබලව වැදුවට"

" අහස ටීම් - කොත්තුවා - කරුමය "

Wednesday, January 21, 2015

.....වෙනසක්.....



අර මට පෙන හඳ උබට පෙන්නේ වෙන විදිහකට...
මට ඒ හඳේ ලස්සන පෙනුනට උබට පෙනුනේ ආවාට විතරමයි...
මොකද උබ බැලුවෙම ඒ ආවාට දිහා...
කොච්චර ලස්සනට හද පායලා තිබුනත් උබ හිතුවේ ඒ හද
පායලා තියෙන්නේ මුසල කමකට කියල...
එතනයි වෙනස...
උබ නොදකින සහ මට පෙනෙන...


#මට_පිස්සු

Tuesday, January 13, 2015

..... දේසපාලන බයිට් එක සහ මිනිස්සුන්ගේ VOTE එක .....



කාලෙකින් දිගටම ලියපු ලිපියක් දාන්න මටත් හිතුනලු.... දවසක් දෙකක් නෙවේ දවස් තුන හතරක්ම බලල හිතල යන තත්වේ අනුව ලියනවමයි කියල හිතුනලු. ලියන්නත් හිතුනේ අමුතුම ආරෙකටලු.

Friday, January 2, 2015

.....අලුත් අවුරුද්දක් , අලුත් බලාපොරොත්තුවක්.....

.



අලුත් අවුරුද්දත් අපි දන්නේ නැතුවම ඇවිල්ල ඉවරයි. මොන දේ කරත් කාලේ යන එක තමා මම හිතන විදිහට අපිට නවත්තගන්නම බැරි දෙයක් වෙන්නේ. ගිය අවුරුද්දේ අපේ අතින් ගොඩක් වැරදි අඩුපාඩු ඇතිවෙන්න ඇති. ජිවත් වෙද්දී ප්‍රශ්න ගොඩක් අපේ ජීවිතේට එන්න ඇති. ඉතින් මේ අලුත්ම අවුරුද්දත් එක්ක අපි ඒ දේවල් හදාගෙන අපේ අතින් අතපසු වෙච්ච දෙ හදාගෙන මොන බාදකේ ආවත් කඩාගෙන ඉස්සරහටම යමු. මම මේ බ්ලොග් එක ලියන්න අරන් වැඩිකල් නම් නෑ. එත් මේක ලියන කාලේ මගේ අතින් වැරදි දෙයක් ලියවුනානම් , මම ලියපු ඒවගෙන් කගේ හරි පොඩි හිත් රිදවීමක් හරි උනානම් දහස්වාරයක් සමාව ඉල්ලනවා. ඒ වගේම මේ මම දාපු පොස්ට් වලට කමෙන්ට් කරපු බලපු යට නැති අයට ගොඩාරියක් ඉස්තුති. ඔයාලා හැමෝටම මේ අලුත් අවුරුද්ද සතුටින් ඉන්න පුළුවන් කිසි කරදරයක් නැති සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල හදවතින්ම ප්‍රර්ථනා කරනවා.



#හොරා

සුබ අලුත් අවුරුද්දක් වේවා!!