Sunday, November 30, 2014

.....ප්‍රශ්න එක්ක දුවන ජිවිතේ.....

මේ ජීවිතෙත් හරියට බහුවරණ ප්‍රශන පත්තරයක් වගේ.
අපිට ප්‍රශ්න ගොඩක් ජීවත් වෙද්දි එනව.
ඒවට හරිම උත්තරේ වගේම අපිට හිතා ගන්න බැරි උත්තරත් තියනව.
ඒවට අපි පාවිච්චි කරන්නෙ වඩාත් ගැලපෙනම පිළිතුර.
වැරදි උත්තරයක් දැම්මොත් ජීවිතෙන් පරාදයි

Monday, November 24, 2014

.....මාළු තියෙන මාළු පාන්.....


හොරාටත් පොඩි කතා කැල්ලක් ලියන්න හිතුව. මේක මගේ යාලුවෙක්ට වෙච්ච දෙයක් හොදේ මටනම් නෙවේලු ඉතින්. දවසක් මු ලෙක්චර් ඇරිලා ඉවර වෙලා එන ගමන් පාරේ හොදටම වැස්සලු.

Thursday, November 20, 2014

.....තවත් ගැහැනියක් සෙවීම.....



මං හොයන්නෙ පිටකොටුවෙ ගහක් යට ලේන්සුව කරකවකව ඉන්න ශානිලව නෙවේ...
මළගි‍ය ඇත්තො එකේ ඉන්න නොරිකො සන්ව... 
හැබැයි මතක තියාගනින්
පිටකොටුවෙ ඉන්න ශානිටත්
නොරිකොට වගේම ජීවිතයක් කියල එකක් තියනව කියල...



පසුව ලියමි : නම් ගම මනකල්පිත වේ :)

Tuesday, November 18, 2014

.....නූතන බෞද්දයා දකින බුදු දහම.....



හතර පෝයටම සිල් ගත්තට පස්සේ, වට්ටි ගණන් මල් කඩල පූජා කලාට පස්සේ, පොල් තෙල් බවුසර් පිටින් ගෙනල්ල රෙදි යාර ලක්ෂ ගණන් ගෙනල්ල පහන්තිර ඔතල බුදුන්ට පහන් පත්තු කලාට පස්සේ නූතන බෞද්දයා නිවන් දකිනවද?

Friday, November 14, 2014

.....නුතන මළගෙවල්...




මරණය වූ පාර්ශ්වයේ සතියක පමණ ලොවට පෙනෙන දුකක්
අනෙකුන්ගේ හුදෙක්ම විනෝදකාමී තිත්පොලක්
තුන්මාසයක් ගිය පසු පරණ මතක සැමරුමක්
අවුරුද්දක ඇවෑමෙන් එක් දින විනෝදකාමී රඟහලක්...


.....අමනුස්සයන් වෙනුවෙන් නන්නත්තාර වදන්.....

Monday, November 10, 2014

.....නිවු ටෙක්නොලොජි වර්ශන් බුදු දහම ( නව පරම්පරාවේ ට්‍රෙන්ඩ් එක ).....


කවි කෑලි ලිය ලිය ඉන්නකොට නනත්තාර හොරෙක්ගෙ මොකද්දෝ තියෙන අතේ අමාරුවකට හරි හිතේ අමාරුවකට හරි අස් තියන් ඉන්න බැරි නිසා දැකපු  ඔලුවට ආපු දෙයක් කොටලා කියන්න හිතුනා. කොහේදෝ තිබ්බ ලෝකේ හදන්න ඉස්සල්ල මිනිහෙක් හදපන්. එතකොට මුළු ලෝකයක්ම ඉබේ හැදේවි කියල. සහතික ඇත්ත. ජනග්‍රහණය ගත්තොත් එක රටක විතරක් කෝටි ගණන් මිලියන ගණන් ඉන්න කොට එක මනුස්සයෙක් හදාගන්න බැරිනම් කොහොමද අප්පා මුළු ලෝකයක්ම හදන්නේ?

Saturday, November 8, 2014

.....විශ්වාසය.....




උබ ඉපදුනු දවසෙ
නර්ස් නෝන උබෙ අම්මටයි තාත්තටයි උබව දීල
මේ ඔයාලගෙ ළමය කියල කිවුවම අම්මල විශ්වාස කළා.
දැන් උබ විශ්වාස කරපන්
ඔය ඉන්නෙ උබෙ අම්මයි තාත්තයි කියල.

Friday, November 7, 2014

.....වැස්ස.....





පෙරකල දහවලේ ඉර පායනවිට සැවොම එයට බැන වැදුනෙමු.
නමුදු දැන් හාත්පසම වෙනස්ව සැමදා වැසි වසී.
ගංවතුර තරජනයන්ටද මිනිසා ලක්ව ඇත.
පසුගිය  සියල්ල අමතක කර මිනිසා මෙම අලුත් ක්‍රමයට එරෙහිවෙයි.


සොබාදහම මහත්තයෝ... සොබාදහම...


.....බුදු හිමියනි.....


                                                                               
බුදු හිමියනි...
විරසක වූ ලක් දෙරනට යලි වඩින්න බුදු හිමියනි...
තෙත් වූ නෙත් පිස දමන්න යලි වඩින්න බුදු හිමියනි...
රත් වූ හදවත් නිවන්න යලි වඩින්න බුදු හිමියනි...
විරසක වූ ලක් දෙරනට යලි වඩින්න බුදු හිමියනි...

Thursday, November 6, 2014

.....කොළබ විත්ති(කැම්පස් එකේ රැග් එක).....




අපේ රටේ කැම්පස් එකට අලුතින් එවුන් තෝර ගන්නකොට රැග් කරල පාටියක් එහෙම දීලනෙ පටන්ගන්නෙ. ඔන්න ඉතින් මේ එහෙම එක අවුරුද්දක උන සීන් එකක්ලු. ඔය රැග් සීසන් එක කාලෙ සෙකන්ඩ් ඉයර් එකේ එවුන් රැග් කරනකොට ටිකක් නිවුනු චරිතයක් මුන්ට සෙට් උනාලු.

.....ඇහෙනවද?.....



 ඇහෙනවද?
හඳ එළියත් එක්ක මුහු වෙච්ච හුලඟ මුමුනන තාලය... 
රෑට සින්ඳු කියන සත්තු සතුටෙන් කෑ ගහන සද්දෙ... 
ඒ සත්තුන්ට එළිය දෙන්න පායපු හඳේ සඳ වතුර විසිරෙන විදිහ...
 ඇහෙනවද ඔයාට? 
නෑ ඔයාට ඇහෙන්නෙ නෑ... 
අහන්නත් බෑ... 
අහන්න උවමනාවකුත් නෑ...
 මොකද ඔයා ඉන්නෙ අමුතුම විස ලෝකෙක.
 මට ඔය ලෝකෙට එන්න බෑ.. 
ඔයා ඒකෙන් මිදෙන්න උත්සහ කරන්නෙත් නෑ...

.....කළු කන්ණාඩිය.....



කලුපාට කණ්නාඩි දාගෙන
උබ ඇඩුවත්
සමාජය උබ හිනා වෙනවා කියල හිතල
උබත් එක්ක හිනා වේවි...
ඒත් ඔය කණ්නාඩිය ගලවල උබ අඩන දාට
උබත් එක්ක හිනා උණු මිනිස්සු හැමෝම එකතුවෙලා
උබට හිනා වෙනව නියතයි...

Monday, November 3, 2014

.....ජීවිතය.....




ජීවිතය වනාහි යතුරු දමා වැසූ දොරක් වැනිය.
එහි සාර්ථකත්වය දොර යතුර වන අතර
එය නිසැකවම ඔබ සොයා ගතහොත්
ජිවිතයේ ඇති වින්දනීය අවස්ථා
ලබා ගත හැකි වේ.
එය සෙවීමට අපොහොසත් උවහොත්
වෙනත් අයෙකු ඔබගේ තිබෙන වටිනා අවස්ථා
පැහැරගෙන යනු ඇත.

.....පුපුරු ගහන හද.....



පුපුරුගහන මැදියමේ...
නිසලවම හද ලොවට පායලා...
නිහඩව එලිය දෙන...
ලගට පෙනුනත් ලං කරගන්න තියා...
අල්ලන්නවත් බැරි...
අත්කරගෙන තියාගන්න බැරි...
පිච්චෙන ලෝකෙට...
සිසිල්ව පායන...
රතු පාට හද...

.....උරුමයක් උන කරුමය.....


තමන්ගේ ඇහේ තියන පොල් පරාලෙට වඩා අනුන්ගේ ඇස්වල තියන පොල්කෙන්ද පෙන්නන්න කට බලියාගෙන බලන් ඉන්න උසස් සමාජ කොට්ටාශයක් එක්ක කියන්න කැමතියි මෙහෙම පොස්ට් එකක් මගේ හිතේ තියෙන වදන් අතේ තියන ඇම්මට, අත තියන් ඉන්න බැරි කමට කොටන මම ඉතාමත් පිරිසිදු බුදු දහමට අනුකුල, චිවරදාරින්ගේ නෙවෙයි සාදුවරුන්ගේ සරණ යන, දහමේ පිහිට පතන සිංහල ජාතියේ ලංකීය පුරවැසියෙක්.

Sunday, November 2, 2014

.....තවත් එක් මිනිස් ජිවිතයක්.....




මේ ලඟදි යාළුවෙක්ගෙ උපන් දිනයක් සෙට් වෙලා මචන් එකට ගියා බන් උගේ ගානෙ පාටිය. උදේ ඉඳන් පිස්සු නටල එතනට යද්දි ටිකක් රෑවෙලා ගිහින් යාළුවොටික කෑම ඕඩර් කරන අතරෙ මම ටිකක් පැත්තකට ඇවිත් පූල් බෝඩ් වල එවුන් පූල් ගහන් දිහා ටිකක් වෙලා බලන් හිටිය. විනාඩි පහක් විතර එතනට වෙලා ඉඳිද්දි අවුරුදු හතලිස් අටක විතර පොරක් කොනේ ටේබල් එකක වාඩිවෙලා පාර දිහා බලාගෙන කල්පනා කරනව.

Saturday, November 1, 2014

.......පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී.....




හෙන බරක් ඔලුවේ තියාගෙන අතරමන් වෙලා පාරේ යනෙන මන් නැතුව ඇවිදින පොරිසාදයෝ විතරක් නෙවෙයි, දැනුම හොයන්න උනන්දුව තියන, ඒ ගැන මහා පිපාසයකින් ඉන්න, ඒවාට පිළියම් හොයන්න අතොරක් නැතුව දැනුම් පොතේ නිම හිම් හොයන, බෝදිසත්ව ගුනෝපේත ළමයින්ට පාර පෙන්නන්න දුක් මහන්සි වෙන