Thursday, October 30, 2014

...... දවසක් දා විනිවිදින අදුර එළියක් විය......




දෙසැම්බරයට ගෙන එන හිතලත් එක්ක කොහේදෝ අස්සක ඉදන් හනික දුවගෙන ඇවිත් ඉක්මනට හූ කියාගෙන ආපු පෙට්ටි වලට ගොඩ වෙලා කොහේදෝ ඈතක තිබුණු හිතක් ඉක්මනට තමන්ගේ ලගට අරගෙන ඇස් කොහේදෝ නතර කරන් අවුරුදු ගානක් හැදෙන්න විදින්න වගේම විද, විද විදවන්න සැලැස්සුව.

.....යතාර්ථය.....



                          ගහක් ලොකුවෙන්න ලොකු වෙන්න හොදට වඩා වර්දනය වෙලා එනකොට,
                                                   ඒ ගහේ අතු විහිදිලා මල් පිපිලා එනකොට
                    ඒ ගහට පෝෂණය ලබා ගත්ත, පොහොර ටික ලබා ගත්ත පොලව අමතක වෙලා යනවා.
                   එත් ඒ ගහ දන්නෙම නෑ කාලෙකදී කුණාටුවක් ආවම ගැලවිලා වැටෙන්නේ පොලවට කියල.
                                               ඒ වගේම තාම ඒ ගහේ මුල තියෙන්නේ
                                            පොලොව ඇතුලේ කියල ඒ ගහ දන්නේ නෑ...

.....ෆේස්බුක්.....



හායි කියා හම්බවෙන...
බායි කියා පවසන...
රාමුවක කැරකෙන...
සැමදෙන දන්නා හදුනන...
දැන දැනත් පාවිච්චි කරන...
හොද නරක ගුණ ඇති නැති...
අහිංසක මානසික රෝගයක්...

Wednesday, October 29, 2014

.....තවත් අම්මා කෙනෙක්.....


ඇලේ දොලේ දුව පැනපු කෙල්ල
කොළඹ තියෙන සැප හොයන්න
සිදාදියේ බහට රැවටිලා
තොල් සායම් තවරාගෙන
ඇස් දෙකත් හීනි කරගෙන
හන්ඳි ගානේ පාරවල් ගානේ
ඉරේ තියෙන රස්නේ බලද්දී
සිදාදියට ඇදපු එවුන් 
ඇතුලේ තියෙන ළය නෙවෙයි
පිටින් පෙන ළම බලාන හුල්ලද්දී
රෑට අටසිල් බිදලා
එලිය වැටෙද්දී පන්සිල් ගන්න
බෝදිසත්ව සමාජයක්
පාපයට ඇද වටුනද ඇද වැට්ටුවද කියල
ඔය උබව පුච්චන ඉරෙන් අහපන්.....

....නන්නත්තාර ආත්මයක හුස්ම කතාවක්....





ෆැන්ටසි හිනයක තනි වෙලා ඉන්නකොට මටත් මොකද්දෝ මන්ද තිබුන මෙවුව එහෙකට බ්ලොග් එකක් කියල එකක් ලියන්න හිතුනලු.... යකෝ බැලින්නම් මේකනේ වැඩේ.. මේක ලියනකොට ලියපු උන් ලියපුව කියවනකොට අර ෆැන්ටසිය ෆැන්ට බෝතලයක් තරමටවත් වටිනා මල තොප්පියක් නෙවේ කියල හිතුන සිරාවට. ඉතින් හදල ගලපලා නැලවිල ලියන්න හිතින් දහසක් දේ පිටාර ගලනවා. හිතේ වචන ගොඩක් කියාගන්න බැරුව හිත යට කෑ කෝ ගහනවා... මොනවද තවත් කතා මලයෝ නගෝ මේ තියෙන්නේ පතාර සයිස් බ්ලොග් රාජයෙක්ම ඇත දිගැරල ලියනවනම් ලියන්න. ලියමු ලියමු කිවුවලු...

තව බලන්න...